
(සඳලි සත්සරණි)
දිවයින පුරා වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයකට අයත් පවුල් 12,182ක 39,019 දෙනකු දැඩි බලපෑමට ලක්ව ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා පවසයි.
පවුල් 3,478කට අයත් 12,212ක් දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව කී දනන්දසූරිය මහතා ප්‍රධාන වශයෙන් අම්පාර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක ජනතාව පානීය ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ද සදහන් කළේය.
පීඩාවට පත් ජනතාවට බාධාවකින් තොරව පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු කීය.
ප්‍රමාණවත් රජයේ බවුසර් රථ නොමැති නම් පෞද්ගලික බවුසර් රථ කුලී පදනම මත ලබාගෙන හෝ ජනතාවට හිඟයකින් තොරව පානීය ජලය බෙදා හැරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ප්‍රගීත් දනන්සූරිය මහතා තවදුරටත් සඳහන් කළේය.
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්වයට එල්නිනෝ තත්වය ප්‍රබල හේතුවක් බව පරිසර විද්‍යාඥයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd