(කේ බුද්ධික කුමාරසිරි)

මෝටර් රථයකින් තරුණියන් දෙදෙනකු ස්ථාන දෙකකදී  අනතුරට ලක් කර  පලා යමින් සිටි හෝමගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයේ විශේෂ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

හයිලෙවල් පාර මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සහ වටරැක 20 කණුව ආසන්නයේ ඊයේ (25) දින රාත්‍රී 11.30 ත් 11.57 ත් අතුතුරදී මෙම අනතුර දෙක සිදු කර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු බීමත්ව මෝටර් රථය පදවා ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු අද හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.