(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට නගරයේ පැරණි දුම්රිය පොළ භූමියේ පිහිටි ජංගම දුරකතන සහ කොටස් අලෙවි කරන තාවකාලික වෙළදසලක  ඇතිවු ගින්නකින් එය දැවි අලුවී ගොස් ඇතැයි කියයි.

කුරුවිට ප්‍රාදේශීය සභාව සතුව ගිනි නිවන ඒකකයක් නොමැති නිසා රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය කැදවා ගින්න නිවූ බව ද ප්‍රාදේශීය සභා සභාපති  කීවේය.

ගින්න හේතුවෙන් වෙළදසලට සහ එහි තිබු දේපල හා භාණ්ඩ සම්පුර්ණයෙන්ම විනාශ වි ගොස් තිබුණි.