බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වේ.

හම්බන්තොට සහ  අනුරාධපුර දිස්ත්‍රික්කවලත්  වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්  ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.