(නිමල කොඩිතුවක්කු)

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ  අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

හෝමාගම ප්‍රදේශයට අද  රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.