
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රථමවරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇත.ඇරොන් ජේම්ස් නැමැති රෝගියාගේ සම්පූර්ණ වම් ඇස වෛද්‍යවරුන් මෙසේ බද්ධ කර තිබේ.
අධි බලැති විදුලි රැහැනක් හේතුවෙන් සිදු වූ අනතුරකින් ඇරොන් ජේම්ස්ගේ මුහුණේ කොටසක් විකෘති වී වම් ඇස අහිමි වී ඇත.ඔහුගේ මුහුණ නැවත ගොඩ නැගීමේ කාර්යයේදී එම ස්ථානයේ හිඩැසක් තබනවාට වඩා ඇසක් බද්ධ කිරීම මගින් ජේම්ස්ගේ මුහුණ පෙර තිබූ තත්ත්වයට බොහෝ සමාන වන අයුරින් නැවත සකස් කිරීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.එම අරමුණින් ජේම්ස්ගේ සම්පූර්ණ වම් ඇස බද්ධ කළ බවත් එය සාර්ථකව සිදු කිරීමට හැකි වූ බවත් නිව්යෝර්ක් නගරයේ ලැන්ගොන් හෙල්ත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය වෛද්‍ය එඩුවාර්ඩෝ රොඩ්රිගස් පවසා ඇත.
ජේම්ස්ගේ වම් ඇස සාර්ථකව බද්ධ කර ඇතත් ඉන් පෙනීම ලැබේවිදැයි නැද්දැයි පැවසීමට මෙය කාලය නොවන බව වෛද්‍ය රොඩ්රිගස් පෙන්වා දී තිබේ.මීට පෙර කිසිම අවස්ථාවක සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමක් සිදු කර නොමැති බව වෛද්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd