
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රථමවරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීමට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍යවරුන් පිරිසක් සමත් වී ඇත.ඇරොන් ජේම්ස් නැමැති රෝගියාගේ සම්පූර්ණ වම් ඇස වෛද්‍යවරුන් මෙසේ බද්ධ කර තිබේ.
අධි බලැති විදුලි රැහැනක් හේතුවෙන් සිදු වූ අනතුරකින් ඇරොන් ජේම්ස්ගේ මුහුණේ කොටසක් විකෘති වී වම් ඇස අහිමි වී ඇත.ඔහුගේ මුහුණ නැවත ගොඩ නැගීමේ කාර්යයේදී එම ස්ථානයේ හිඩැසක් තබනවාට වඩා ඇසක් බද්ධ කිරීම මගින් ජේම්ස්ගේ මුහුණ පෙර තිබූ තත්ත්වයට බොහෝ සමාන වන අයුරින් නැවත සකස් කිරීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.එම අරමුණින් ජේම්ස්ගේ සම්පූර්ණ වම් ඇස බද්ධ කළ බවත් එය සාර්ථකව සිදු කිරීමට හැකි වූ බවත් නිව්යෝර්ක් නගරයේ ලැන්ගොන් හෙල්ත් වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය වෛද්‍ය එඩුවාර්ඩෝ රොඩ්රිගස් පවසා ඇත.
ජේම්ස්ගේ වම් ඇස සාර්ථකව බද්ධ කර ඇතත් ඉන් පෙනීම ලැබේවිදැයි නැද්දැයි පැවසීමට මෙය කාලය නොවන බව වෛද්‍ය රොඩ්රිගස් පෙන්වා දී තිබේ.මීට පෙර කිසිම අවස්ථාවක සම්පූර්ණ ඇසක් බද්ධ කිරීමක් සිදු කර නොමැති බව වෛද්‍යවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිළිස්සුනු ඇහැට අලුත් ඇහැක්