(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඳිරි නිතීය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද (26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි
කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථය මාර්ග බාධකයේ දී නවතා ඇදිරි නීති බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන් දැන්වූ අවස්ථාවේදී සැකකාර පුද්ගලයා ආවේගශීලී ලෙස හැසිරී මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැන වැදී සෙසු කාන්තාවන් දෙදෙනා සමඟ මෝටර් රථයේ නැගී පලා ගොස් තිබිණි.
මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පදිංචි බොරැල්ල සීවලීපුර ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරු හා සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් අලුත් කරන්න වෙන රටවල වගේ, නැතිනම් අසාධිත ගොඩට දාන්න.
"පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පලා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා " අනේ මන්දා මාර්ග බාධකයකින් මෙසේ පලා යන්න පුලුවන්ද කියලා...? එලෙසම එසේ එම වාහනයේ මොනවා තිබුණාද? මොනවා ප්‍රවාහනය කරාද? කව්ද දන්නේ... මේ අයට නම් කැලෑ නීතිය වඩාත්ම උචිත නොවන්නේද?
මොවුන්ට උපරිම දඬුවම් දිය යුතුය. නැතිනම් මෙය නරක පූර්වාදර්ශයක් කරගත හැකිය..
දිගටම හිරකර තැබිය යුතුයි...
නිවටයා දැක්කම එළුවොනුත් නිකට පානවලු මේ රටේ දැන් වෙලා තියෙන්නේ... ඒකයි චීවර ධාරියෝ පොලීසි ඇතුලට ගිහින් පාට් දමනවා වාහන චෙක් පොයින්ට් වල නවත්තල පොලීසියේ මහත්වරුන්ට ගොන් පාට් දමනවා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ඇහුව වගේ මේ පොලිස් නිලධාරීන් ළඟ අඩුමගනනේ හොඳ කැටපොලයක් වත් තිබුනේ නැත්ද?
කොන්ද කෙළින් තියන් වැඩ කරන්න හැකියාව ලබාදුන් ජනපතිට තුති....
උපරිම දඩුවම් දිය යුතූයි....
මෙවැනි අවස්තාවලදී පලායන රතයට වෙඩිතැබීමට වුනත් නිලදාරීන්ට අවසර තියෙනවා. ඒ අතින් මේ තුන් දෙනා පෙර පිනකින්දෝ බේරුනා. ඒත් ඉතා දැඩි දඩුවම් දිය යුතුයි. දේශපාලුවෙකුගේ සම්බන්දයක් ඇති බව හැගේ.
උපරිම දඩුවම් දිය යුතූයි....
මොවුන් දින 14ක නිරෝධායනය සඳහා කන්දකාඩු යවන්න.