(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පිලියන්දල පොලිසිය තුළ දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා ලද බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ හිටපු මන්ත්‍රී සලෝචන විල්සන්, ෂම්මි නයනජිත් හෙට්ටිආරචිචි, ඩබ්ලිව්.ජී.වසන්ත, දයාසිරි පෙරේරා, ටී.ඩබ්ලිව්.ඩී සම්පදි, ඩී.කේ දමින්ද හා ඇනස්ලි රෝහිත යන අයවලුන්වය.
හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පිලියන්දල පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බීමත්ව පොලිසිය තුළට කඩා වැදී ස්ථානාධිපතිවරයාට සහ සෙසු පොලිස් නිලධාරීන්ට බැණ වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔවුන් පිරිස ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නේ නැතුව වැඩ කරන්න.
නීති සම්පාදනය කරන්න ඉන්න අයම නීතිය කඩනකොට රටේ අනාගතය ගැන හිතාගන්න පුළුවන්
ඔන්න පොහොට්ටුවේ තවත් චන්ද ප්‍රතිඵලයක්
ඇයි ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් කියන්න බයද. බලය නැතුව ඔහොම නම් බලය තියෙද්දී කොහොම ඉන්න ඇත්ද? මෙයාගේ අයියට කැලෙන් හොරකම් කල අලි පැටියෙකුත් ඉන්නව.
කකුළුවාගේ පැටව් කකුළු පැටව්ම තමයි