(අනීෂා මානගේ)
2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තම දරුවන් හුංගම විජයබා ජාතික පාසලට ඇතුළත් කර නොගන්නේ යැයි කියමින් දරුවන් දහසය දෙනෙකුගේ මාපියන් පිරිස අද (26) එම විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැතිණි.
ඔවුන් විද්‍යාලය පවතින ග්‍රාමසේවා කොට්ඨාසයේ පදිංචි වී සිටියද පදිංචිය සනාත කිරීම සඳහා ඔප්පුව නොමැති බව කියමින් තම දරුවන් හුංගම විජයබා ජාතික පාසල සඳහා ඇතුළත් කර නොගන්නා බව උද්ඝෝෂණය කළහ.
පළමු වසරට ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති දරුවන්ගේ අභියාචනා සහ විරෝධතා කැඳවීම අද(26) දිනයේදී විද්‍යාලයේදී සිදුකර තිබිණි. එම අභියාචනා සහ විරෝධතා කැඳවීමෙන් අනතුරුව මෙම විරෝධතාව පාසල ඉදිරිපිටදී සිදුකෙරිණි.

2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර නොගත්තැයි උද්ඝෝෂණයක්