
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අද (17) ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුව නෞකා දෙකෙන් ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය ගොඩබෑම ආරම්භ කළ බවත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් සපයන බවත් සභාපතිවරයා කීය.
රට මුහුණ දී සිටින ඩොලර් හිඟය හේතුවෙන් ලිට්‍රෝ සමාගමේ ණයවර ලිපිය අලුත්ගැනීමට නොහැකිවීමෙන් නෞකා නිදහස්කරගැනීම ප්‍රමාද වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ මුදල් ගෙවීමෙන් පසුව ණය ගැටලුවක් මතු නොවූ බවත්ය.
ලිට්‍රෝ සමාගම විදේශ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේදී අලුත්වන ණයවර ලිපි ක්‍රමයක් අනුගමනය කරන බව කී ජයසිංහ මහතා එය සෙසු ආයතන මෙන් නැවෙන් නැවත මුදල් ගෙවීමේ ක්‍රමයක් නොවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් නිදන් හිටියද? ඔබත්, ඔබේ නායකයත් දෙදෙනාම එකයි. ජනතාව සති ගණන් අව්වේ සහ වැස්සේ දුක් විඳිනවා. දෙන්නටම කියන්නේ හරියට කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න කියලයි.