IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පළපුරුදු - දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක්

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති.

වෛද්‍යවරු සහ තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ දක්‍ෂ සහ පළපුරුදු වෘත්තිකයන් දහස් ගණනක් පසුගිය කාලයේ රට හැර ගොස් ඇති බවත් මේ හේතුවෙන් රටේ වඩාත් වැඳගත් ආර්ථික සහ පරිපාලන කටයුතු බිඳ වැටීමේ අවධානමක් ඇති බව ද එම ප්‍රධානීහූ කියති.

පළපුරුදු සහ දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑමත් සමඟ දෙවැනි පෙළ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීමට සිදුවන බවත් එවිට ඵලදායිතාවයේ පහත වැටෙනු ඇති බවත් ආයතන ප්‍රධානිහූ වැඩි දුරටත් සඳහන් කරති. 



අදහස් (6)

පළපුරුදු - දක්‍ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක්

pakeer Wednesday, 23 November 2022 01:43 PM

ගොබ්බ මූසලයින් රට පාලනය කරන එක ඊට වඩා ගැටළුවක්...

:       1       21

කිරිපුතා Wednesday, 23 November 2022 01:55 PM

ඔය කියන විගඩමක් වෙන්නේ නෑ. එක්කෙනෙක් ගියාම එතැන ගන්න ඊට වඩා හොඳ කෙනෙක් හොයාගන්න තරම් උගතුන් ඉන්නවා. ආකල්පවල ප්‍රශ්නයක් තමයි රටට තියෙන්නේ. උගතුන් කියන අය ආකල්පවලින් දූෂිත නම් දුප්පත්නම් එය රටට විශාල හානියක්. මොකද හැන්ද තියෙන්නෙ එයාලා අතේ...!

:       11       2

dal Wednesday, 23 November 2022 02:02 PM

මේක තමා 1980 වුනේ, අපිට පෙනෙන්නේ ජාතිවාදී, අභ්‍යන්තර කල කෝලාහල, අන්තගාමී ත්‍රස්තවාදය වගේ ඉහළ තියෙන දේ පමණි. නමුත් ඇත්ත, සිවිල් ජන ජීවිත විනාශ කරන දේවල් නිසා මුලින්ම සිදු වෙන්නේ උගත් අත්දැකීම් බහුල පිරිස් රට හැරයාම... පුහුණු සංක්‍රමිකයින් බලාගෙන කට ඇරගෙන ඉන්න රටවල් තියෙනවා. අපි වගේ අඩු අදායම් තියෙන රටවල් අවුරුදු 20-25 ආයෝජනය කරලා මානව සම්පතක් හදනවා.. අපි කරන්නේ ලෝකෙට ණයවෙලා... නොමිලේ බෙහෙත්, අධ්‍යාපනය වගේ ගොඩාක් දේවල් නොමිලේ අපේ රට හදපු නිරෝගී උගත් සම්පත රටතුළ ගැටළු ඇති කරලා අර දියුණුයි කියන රටවලින් බාගන්නවා. ඊට පස්සේ හම්බ කරකර ඒ රටේ බදු ගෙවන, ඒ රටේ ආර්ථික චක්‍රයට පණදෙනවා. අපි ආයෝජනය කරලා හදපු දේ රටේ ආර්ථිකයට පණ දෙන්න ඉන්නේ නෑ. අවුරුදු 40 ක් මේක වෙනවා. අපි පුහුණු නුපුහුණු සේවකයන් සපයනවා... නමුත් රටට ඵලක් නැහැ. ඔය උද තියන ගැටළුවල මූල ආරම්භය සොයා ගත්තා නම් මේ දේවල්වලට උත්තර තියෙනවා.

:       0       9

sharm warn Wednesday, 23 November 2022 03:11 PM

තව මදිවට හෙදියන් 4000 ක් සින්ගප්පුරු යවන්න හදනව. .

:       0       3

විපරමා Wednesday, 23 November 2022 05:47 PM

කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති අටවත් පාස් නැති දූෂිතයෝ, මැරයෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ.. මුලු රටටම සාපයක්... හෙනයක් කාලකන්නි දේශපාලුවන් ඉන්න එක...!

:       1       0

Wimal Ellepola Thursday, 24 November 2022 05:06 AM

අවසාන වශයෙන්, පදික වේදිකාවේ විකුණන්නන් සහ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් පමණක් ඉතිරි විය හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site