IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න

(යොහාන් භාසුර)

ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. 

පළාත් සභා විෂයට අදාලව ක්‍රියාත්මක සියලුම ඉදිකිරීම්වල ගුණාත්මකභාවය සහ ඒ සඳහා වැයවන පිරිවැය උනන්දුවක් දක්වන පාර්ශවයකන්ට අධීක්‍ෂණය කළහැකි වියයුතු බවත් එමගින් අදාල ඉදිකිරීමේ ගුණාතාමකභාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කරන බවත් මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ. ටී. එම්. යූ. ඩී. බී. තෙන්නකෝන් මහතා එම ලිපියෙන් පවසයි.

මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමාන රජයේ මූලික අපේක්‍ෂාවක් වන මහජන මුදල් වැයකරනු ලබන සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය, වගකීම, වගවීම සහ ගුණාත්මකභාවය පවත්වාගැනීම ද බලාපෛාරොත්තු වන බව ද මුදල් කොමිෂන් සභාව පවසයි. 



අදහස් (4)

පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න

රුවන් Friday, 06 June 2025 06:26 PM

එතකොට ඉස්සර වගේ කොමිස් ගහන්න දෙන්නේ නැද්ද මේ රජය? එතකොට මන්ත්‍රීලා හම්බකරන්නේ ත්‍රිවීල් එළවලාද? කොහොමද අවුරුදු 2-3න් කොළඹ ගෙවල් ගන්නේ V8 ගන්නේ? මේ රජය හරිම දුර්වලයි. (විපක්ෂයේ ඇසින්)

:       0       4

Hitan Friday, 06 June 2025 07:57 PM

මෙය අනවශ්‍ය මෝඩ ක්‍රියාවකි... BOQ අවබෝධ කර ගත හැක්කේ කීයෙන් කීදෙනාටද? ගම්වල ඉන්ජිනේරුවන් උපදෙස් දීමෙන් කොන්ත්‍රාත් අවුල් වෙන වැඩක්...

:       2       1

සෙනෙවිරත්න Saturday, 07 June 2025 07:44 AM

ඒ වගේම එක් එක් වියදම සඳහා වැය ලේඛන ජනතාවට ලබාදෙන්න. සිමෙන්ති කොට්ටයේ පටන් මිල අපට වැදගත්. ⁣එතකොට ගැහිලි බැරිවෙයි.

:       0       2

Bunny Preena Monday, 09 June 2025 11:44 AM

එවැනි ඉදි කිරීම් පිළිබඳ විස්තර පළාත් සභා වල, පුස්තකාල වල සහ අදාල ග්‍රාම නිලධාරී කාර්යාල වලත් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site