
( තිලකරත්න දිසානායක)
පළාත් පාලන මැතිවරණය ගැන කියනව නම් දැන්ම තම බස් රථයට නගින්න අන්තිම මොහොතේ එල්ලෙන්නට එන්න එපා යැයි සමගි ජනබල වේගය නායක විපක්ෂ නායක සජිත් පේමදාස කියා පවසයි.
සමගි ජනබල වේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මහතා සංවිධානය සංවිධානය කළ ගම්පහ ආසන බල මණ්ඩල රැස්වීමේදී සජිත් පේමදාස මහතා මේ බව සඳහන් කළේය..
" මම මාස ගණනකට ඉස්සෙල්ල කිව්ව , එක්සත් ජාතික පක්ෂයේ අයටත් යන්න වෙනව කපුට ළඟට කාඩ් එක ගන්න නෙළුම් මාවතට. මොන විළි ලැජ්ජා නැති දෙයක්ද ? අලි යනවද කපුට ළඟට කාඩ් එක ගන්න. අලියගෙ කොන්ද කඩල ඉවරයි. අලිය විනාශ කරල ඉවරයි.
සුද්ධ සංවිධානය තියෙන්න අපි ළඟ. උගත් බුද්ධිමත් රටට ආදරය කරන සුද්ධ වූ අයට අප පක්ෂයට එන්න පුළුවන්.
ආණ්ඩුවේ සිටි මුදල් ඇමති , අගමැති, ජනාධිපති ගෙදර යැවීම පිනිස පණිවිඩ යැවීම පිනිස භාවිතා කළේ දුරකථනය. එම දුරකථනය සමගි ජනබල වේගයේ ලාංඡනයයි. "


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීසල් ෆුල් ටෑන්ක් ගහලා ටයර් ගෙවිච්චි ඔය බසය කොයි වෙලාවේ අලියෙකුට හැප්පිලා පෙරලිලා යයිද දන්නේ නැහැ... ආයුබෝවන්..!
මරු ඩ්‍රයිවර්...!!!
මහ අලියා වෙන්න, ආණ්ඩු පෙරලන්න කුමන්ත්‍රණය කරලා, දැන් තොත්ත බබා වෙන්න. බලමු කවුද රැවටෙන්නේ කියලා... යමෙක් කරපු ද්‍රෝහිකම් පිටුපස එන්නේ තමන්ගේ හෙවනැල්ල මෙන්... බස් එක හැප්පිලා කුඩුවෙන්න තව වැඩිකල් නැහැ.. කාටවත් නගින්න බස් එකක් ඉතුරු වෙන එකක් නැහැ.
ඔයගොල්ලොත් මේ ලඟක් වෙනකන් මාරුවෙන් මාරුවට බස් දිව්වා අපිට අමතක නෑ. දැන් දුවන අයත් එක්ක ලොකු වෙනසක් නම් දැක්කේ නෑ. ණයට තෙල් ගැහුවා, කොටසක් හොරෙන් ඇදලා ඔයාලම බෙදා ගත්තා, ඉතිරි ටික නිකරුනේ පිච්චුවා. කරපු ඉටිගෙඩියක් නම් නෑ. අපි අද ගෙවන්නේ ඒවට පවු. ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද, ආයෙ මිනිස්සු රවට්ටන්න?
දැම්ම එල්ලෙන්න කියන්නේ ඕනෙම හොරෙකුට දැන්ම ආවොත් දොර ඇරලා තියෙන්නේ ඒක නේද?
ඩ්‍රයිවර් උන්නැහේ කියලා තිබුනා එයා ඉංග්‍රීසි විතරයි පාස් අනික් හැමදෙයින්ම පන්තියේ අන්තිමයා හෙවත් ෆේල් කියලා. අනේ කියන්න ඔහේට බස් ලැයිසොන් තිබෙනවාද? ලැයිසොන් තිබෙනවානම් ලැයිසොන් ලැබුනේ ලැයිසොන් විබාගේ පාස් වෙලාද කියලා. පාස්වෙලා නැතිනම් කඩුගන්නාව නගින කොට අපිට බස් එකෙන් බැහැලා තල්ලු කොරන්න වෙයි. කඩුගන්නාව බහින කොට අපිට බස් එකෙන් බැහැලා පයින් එන්න වෙයි.
මෙයලගෙ බස් එකට නගින්න? මට පෙන්නෙ ටිපර් එකක් වගෙ.. ජනතාවට හානිදායක බඩු පනත් වලට විරුදධ වෙන්න එකතු වෙන්න බැරි වෙච්ච මුන්ට ඔයාල චන්‌ෙ දෙනවද? අඩු ගානෙ විපක්ශෙ කියන ඔක්කොම හිටිය නම් පලවෙනි දෙවෙනි තුන්වෙනි කියවිම් පරද්දවන්න තිබුන.. මුන් ජිවත් වෙන්නෙත් අපි ගෙවන බදු වලින්.. හරිම කට්ටියක්. .බලය දෙන්න.. කපුටගෙ අනිත් එක..
චන්දෙ දෙන මිනිස්සු නම් ඔය එක බස් එකකටවත් මෙදා පාර නගින්නෙ නැහැ.