(ඩයනා උදයංගනී)
ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
නිරිත දිග හා බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් තමිල්නාඩු සුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd