(අංජුල මහික වීරරත්න)
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අදාලව මෘදුකාංගයක් සකස් කිරීම ඉදිරි සති දෙකක් වැනි කාලයක් ඇතුලත නිම කිරිමට අපේක්ෂා කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම නොවැම්බර් 30 දින වන විට ආරම්භ කිරිමට නියමිත බව සඳහන් කළේය.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතනවල විතරක් නොවේ. රටේ සෑම රජයේ ආයතනයකම මේ වන විට වැඩකරන ස්ථිර නොකල සේවකයන් වහා ස්ථිර කළ යුතුයි. මන්ද ඔවුන් අඩු වැටුපක් යටතේ විශාල වැඩ කොටසක් වසර ගණනාවක් තිස්සේ රජයේ ආයතනවල වැඩ කරන නිසා.
පවුල්වල අයත් එක්ක ගත්තාම ලොකු ඡන්ද ගාණක්...!