(අංජුල මහික වීරරත්න)
පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙනක්ර ගැනීම් ආදී කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අදාලව මෘදුකාංගයක් සකස් කිරීම ඉදිරි සති දෙකක් වැනි කාලයක් ඇතුලත නිම කිරිමට අපේක්ෂා කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාත සහ බස්නාහිර පළාතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම නොවැම්බර් 30 දින වන විට ආරම්භ කිරිමට නියමිත බව සඳහන් කළේය.
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන සේවකයෝ 4800ක් ස්ථිර සේවයට
සජිත් ලක්මාල් Friday, 03 November 2023 01:21 PM
පළාත් පාලන ආයතනවල විතරක් නොවේ. රටේ සෑම රජයේ ආයතනයකම මේ වන විට වැඩකරන ස්ථිර නොකල සේවකයන් වහා ස්ථිර කළ යුතුයි. මන්ද ඔවුන් අඩු වැටුපක් යටතේ විශාල වැඩ කොටසක් වසර ගණනාවක් තිස්සේ රජයේ ආයතනවල වැඩ කරන නිසා.
Rocky Friday, 03 November 2023 01:22 PM
පවුල්වල අයත් එක්ක ගත්තාම ලොකු ඡන්ද ගාණක්...!