(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාගන්නා සමානුපාතික නියෝජන ක්‍රමය යොදා ගැනීම යෝග්‍ය බව පළාත් පාලන ඡන්ද ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඊට විසඳුම් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් වෙයි.
මෙම සමාලෝචන කමිටුව පත්කරනු ලැබුවේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා විසිනි.
එසේම පළාත් පාලන ආයතනවල ආයතනවල සභික සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් කොට්ඨාස පදනම මතද ඉතිරි සියයට 30 අනුපාත පදනම් මතද තෝරාගත යුතු බව එම වාර්තාවේ දැක්වේ.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි අසාමාන්‍ය වර්ධනය පාලනය කළ යුතු බවද එම වාර්තාව සඳහන් කරයි.
මෙම ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගෙන නිර්දේශය ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙරේදා (2) දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(2)පස්වරුවේ රැස්විය.
සමාලෝචන කමිටු වාර්තාවේ සාරාංශය එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කළේය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙහි අසාමාන්‍ය වර්ධනය ජාතික සීමා නිර්ණන කමිටුවද තීරණය කර ඇති පරිදි, ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩුකළ යුතු බව ත්‍රිපුද්ගල සමාලෝචන කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පැවැසීය.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගණනය කිරීමේදී පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයන් තෝරා ගන්නා සමානුපාතික නියොජන ක්‍රමයම යොදා ගැනීම යෝග්‍ය බව සමාලෝචන කමිටුවේ නිර්දේශය යැයි පැවසූ මහාචාර්යවරයා එහිදී භාවිත කෙරෙන ප්‍රසාද ආසන ක්‍රමයද අදාළ කරගත යුතු බව සඳහන් කළේය.
දැනට පවතින මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයෙහි ජයග්‍රාහි පක්ෂ සඳහා කිසියම් ප්‍රසාද ආසන ක්‍රමයක් හඳුන්වාදී නොතිබීම අඩුපාඩුවක් ලෙස කමිටුව නිරීක්ෂණය කළ බවත් පළාත් පාලන ආයතනවල ඇති අස්ථාවර තත්වය ප්‍රසාද ආසන හඳුන්වා දීමෙන් අවම කර ගත හැකි වනු ඇති බවත් සුදන්ත ලියනගේ මහතා පැවසුවේය.
කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පළාත් පාලන ආයතනවල නියෝජනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ වලංගු ජන්ද සංඛ්‍යාවෙන් සියයට 2.5 ක් හෝ ඊට වැඩි ජන්ද ප්‍රතිශතයක් එකී පක්ෂය හෝ ස්වාධින කණ්ඩායම ලබා සිටිය යුතු බවට සමාලෝචන කමිටුවේ සාමාජිකයෝ කාරක සභාව හමුවේ පැවසූහ.
බහු මන්ත්‍රී කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත යුතු ආකාරය වෙනස් කළ යුතු බවත් 2012 අංක 22 දරන පනතේ සඳහන් ක්‍රමය ඒ සඳහා අදාළ කර ගත යුතු බවත් සමාලෝචන කමිටු සාමාජිකයෝ කාරක සභාව හමුවේ පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට මහජන නියෝජිත ස්තර දෙකක් මදි ද? පාර්ලිමේන්තු හා පළාත් සභා හෝ පළාත් පාලන? මේ සඳහා දැරීමට සිදුවන කාලය, පිරිවැය සහ තව නොයෙක් දේවල් ගණනය කර බැලුවාම මෙයින් ලැබෙන ප්‍රතිලාභය සහ අරමුණ ඉටුවෙනවාද? මගේ අදහස නම් ඉහළ නියෝජිත මණ්ඩලය (පාර්ලිමේන්තුව) සහ පහළ නියෝජිත මණ්ඩලය (දිස්ත්‍රික්ක මට්ටමින්) යන ක්‍රමය අප වගේ කුඩා රටකට ගැලපෙන බවයි. සියලු ග්‍රාමීය කටයුතු, ග්රාමනිලධාරින් හරහා ඉටුකළ හැකිය.
මෙච්චර කල් නොතිබුණු පළාත් සභා මුළුමනින්ම අහෝසි කළ යුතුයි.
නැට්ට විසින් බල්ලාව වනන ක්‍රම නම් ගේන්න ඒපා. දුර නොපෙනෙන අදබාලයන් ගත් තීරණ වල කරදර අදටත් නැති කරන්න බැරුවයි ඉන්නේ.