
(යොහාන් භාසුර)
නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් රුපියල් කෝටි 72 ක මුදලක් අපතේ යෑම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට යන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
‘නිදහස ජනතා සභාවේ’ ලිපි ශීර්ෂය යටතේ ‘ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්’ යන ශීර්ෂය යටතේ ඩලස් අලහප්පෙරුම මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දේශපාලන ශූන්‍යභාවය වසා ගැනීමට 2023 වසරේ ජනවාරි මස අත්තනෝමතික ලෙස පළාත් පාලන මැතිවරණය කල්දැමූ බවත් ඒ වන විට මැතිවරණ කොමිසම එම මැතිවරණය සඳහා රුපියල් කෝටි 72 කට අධික මුදලක් වැයකර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබූ බවත් එම ලිපියෙන් ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්තිරික්ක පහක ඡන්ද පත්‍රිකා ඒ වෙනකොට මුද්‍රණය කරලා අවසන්.... රනිල් ඡන්දේ නොපැවැත්වූයේ දූෂිත පවුල් පාලනේ ඔවුන්ගේ ඕනෑකමට වෙන්ඩැති.
මේ සඳහා සැමගේ සහාය ලබාදී මේ හිතුවක්කාර පාලකයාට මහජන මුදල් එක්ක කරපු සෙල්ලමට වන්දි බලාගමු...
අර බාර් විකුණපු ගානෙන් මේ ගාණ අඩුකරපුවාම රනිල් රජයට හොයපු ආදායම කීයද? ආ, එතකොට කජු ගාණත් අඩු කරන්න...
රනිල්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි. ජනතාවගේ බදු මුදල් නිසා ගාණක් නැතුව ඇති...
අපි දැන් මෙහෙම හරි කාල , බීල ගමන් බිමන් යන්නේ කව්රු නිසාද ? වාචීස්සර හිමිගෙන් සත් සතිය හොදට ඉගෙන ගත්ත කෙනෙක් නේද ? හොදට මතක තියා ගන්න රට බංකොලොත් වුනේ හොරා කාල . එතකොට ඒ කණ්ඩායම නියෝජනය කරපු අයගේ අවංක කම මනාව පෙන්නුම් කරනවා . මින් මතුවට හොරා කාපු කණ්ඩායම් වලට කතිරය ලැබෙන එකක් නැහැ. මනුස්ස ආත්මයක් ලබලා මෙවැනි කතා කියන්නේ කොහොමද කියන එක කණගාටුවට කරුණක්... අපේ හොඳකට තමයි ඡන්දය තිබ්බේ නැත්තේ... ඇයි කතිරේ අරගෙන රටම සූරාගෙන කනවා. රනිල් මහත්මයාට පින්...
හොඳ වැඩක්... පරාද වෙන බව දැනගෙන ඡන්දය කල් දැම්මා. එයා හිතාගෙන ඉන්නේ එයා තමයි වැඩ්ඩා කියලා, සජිත්, රනිල් එකවල්ලේ පොල්...!
69 ලක්ෂයකගේ සහ 2/3 බලය ඇති නඩයටත් බැරි වුණු දේ මේ හාල්පාරුවෝ කරයි කියලා තමයි බය...!
රනිල් රටට හොයලා දුන්නු වටිනාකම් වලින් මේ සොච්චම් මුදල අඩුකරගන්න