
(අංජුල මහික වීරරත්න)
ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අද වන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැලැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබු බව සඳහන් කළ ජනාධිපතිවරයා අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ බව කීවෙි ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවති පළාත් පාලන ආයතන වල හිටපු ප්‍රධානීන්ගේ හමුවට සහභාගී වෙමිනි.
දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන ඡන්දෙට සල්ලි දුන්න නම් රට වැටෙනවා
de silva Sunday, 21 July 2024 10:42 AM
අර හොලිවුඩ් ෆිල්ම් අවසන් වුණාට පස්සේ නළුවන්ගේ, නිළියන්ගේ නම් එහෙම දමනකොට නරඹන්නන්ට ටිකක් හිනාවෙන්න ෆිල්ම් එක රූගත කරනකොට, සිදුවුණු විහිලු සහගත දේවල් පෙන්නලා දමන්නේ පොඩි ට්‍රේලර් එකක අන්න ඒ වගේ කෑල්ලක් මේක, රංගේ වැනි හාල් කෑලි 2-3 සමග ගෙදර යන ගමන් රටේ මිනිස්සුන්ට හිනා වෙන්න දමන පොඩි කොමිඩි කෑලි ටිකක්..
R.T.sarath Sunday, 21 July 2024 10:58 AM
විහිළු කිරීම අතින් ෆ්‍රෙඩී සිල්වා පරදයි...
නාමල් Sunday, 21 July 2024 11:05 AM
මෙයා හිතන් ඉන්නේ අපි කන්නේ තනකොල කියලා.
Nimesh Sunday, 21 July 2024 11:05 AM
රට නෙමෙයි වැටෙන්නේ පිනා සහ පිනාගේ පක්ෂේ හොරු ටික කියලා මේ රටේ බහුතරයක් දන්නවා...
Lankika Sunday, 21 July 2024 11:14 AM
අනේ බයිලා ගහන්නේ නැතුව යන්න
Pradeep Kumara Sunday, 21 July 2024 11:18 AM
ඇයි දැන් රට සුඛිත මුදිත වෙලා කියලා කවුරු හරි කිව්වද? ඡන්දෙට කෙසේ වෙතත් අවස්ථා කීපයකදී තමගේ වියදම් වලට මුදල් වෙන්කර ගත්තා මතක නැද්ද? රට අසීරු තත්වයක තිබියදී කරන්න තිබුනේ තමන්ගේ වියදම් කපා හැරීම හෝ අඩු කිරීම නේද? අවුරුදු 50ක් තිස්සේ මේ රටට කල එක හොඳ දෙයක් පුළුවන්නම් කියන්න බලන්න.
sharafaz Sunday, 21 July 2024 12:15 PM
දිනේෂ් ඔබේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වියදම් සඳහා ඔබට අමතර මිලියන 865ක් ලබා දුන්නා ඔබ මේ රටේ මුදල් නාස්ති කරන්නේ මෙහෙමයි. සියලු සොරුන් එකිනෙකා බේරා ගැනීමට එකට එකතු වේ..
සිල්වා Sunday, 21 July 2024 12:20 PM
ඔබතුමා රාජපක්ෂලාට දිනපතාම ඡන්දය ගැන කියවනවා මිස ඡන්දයක් නම් පවත්වන පාටක් තවම පෙනෙන්නට නැහැ. ශ්‍රී ලංකාවේ නම් තිබෙන්නේ මෝඩයෝ සහ බොරුකාරයෝ අතර තරගයක් පමණයි.
Rata Perata Sunday, 21 July 2024 01:48 PM
රට නෙමෙයි අහවල් එක වැටෙන්නේ. කොහෙද යන කෙනෙක්. මෙයත් එක්ක බලනකොට ගෝඨාභය මෝඩ ජනපති කියන්න බෑ..
Niranga Sunday, 21 July 2024 02:59 PM
රාජපක්ෂ සෙට් එක නේද බිමට වැටෙන්නේ? ඔච්චර ණයට අරන් හොරාකෑවාට පස්සේ ලංකාව වැටෙන්න තැනක් තියෙනවද?
ගමේ එකාලා Sunday, 21 July 2024 11:02 PM
ඡන්දෙට දින නියම කරලා සමහර පැතිවල ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය කරලා තිබුනේ? රටේ අමුතුවෙන් වට්ටන්න දෙයක් නැහැ. කාලකන්නි බලලෝභී බඩගෝස්තරවාදි දූශිත දේශපාලුවන් රටම ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි. පින් ජනපතියා ඇතුලු දූෂිත දේශපාලුවන් අන්ත පරාජයකට පත්වෙලා ඔවුන්ට යන එන මන් නැති වෙන බයටයි ඡන්දේ නොතිබ්බේ? ඔවුන් හිතාගෙන ඇති රටේම ඉන්න අය කන්නේ තණකොළ කියලා. දූෂිත දේශපාලුවන්ගේ බොරු බේගල් වලට රැවටුණු කාලේ දැන් ඉවරයි.