(එම්.සුසිල් පියන්ත)
පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් එ මහින්ද දේශපිය මහතා කියයි.
පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව බිහිවීමේ ප්‍රධාන කාර්ය රටේ පවතින තත්ත්වයත් එක්ක වියදම් අඩු කිරීමට අටදහසක්වූ සභික සංඛ්‍යාව 4000-5000 අතර ගණනකට අඩු කිරීමයි.
මේ කමිටුව පිහිටුවීමෙන් කිසිසේත්ම පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවෙන්නේ නැහැ.එම ඡන්දය නියමිත කාලයේ තියන්න පුළුවන්.ඒකට මේ කමිටුවෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවන්නේ නැහැ.
ඡන්දය පැවැත්වීම හෝ කල් දැමීම සිදුකළ හැක්කේ රටේ පවතින නීතිරීති හා අනපනත් අනුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා එහෙම කිව්වාට සමහරක් නායකයින් කියන්නේ සීමා නිර්ණය කිරීම නිසා කල්යනවා කියලා නේද? ඉතින් එහෙම නායකයින් රට කොහොම පාලනය කරයිද?
ඔබතුමාගෙ මෙම කතාවෙන්ම පෙනීයන්නේ අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්දය කල් යනවා කියන එක. ඒ කියන්නේ ඔබතුමා ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති වීම නැවැත්වූවා වාගෙ.
රටේ නීතිය එකක් රාජපක්ෂලාගේ නීතිය වෙන එකක් බව මෙතුමාට අමතක වෙලා.