(ඩයනා උදයංගනී)-

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (17) සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, දකුණු, බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි ස්වල්පයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.