(ඩයනා උදයංගනී)

සබරගමුව පළාතේත්, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර වෙරලබඩ ප්‍රදේශවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.