
(ඩයනා උදයංගනී)
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd