IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


පළාත් අතර දැඩි රැකවල්

(ඉන්දිකා රාමනායක)

පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිරින් පිටවන සහ ඇතුලුවන ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා පරීක්ෂාවට ලක්කරන බවත් එයට අමතරව , අතුරු මාර්ග පාලම් , සියල්ලම ආවරණය වන පරිදි භට කණ්ඩායම් රාජකාරිය යොදවා ඇතැයි හෙතෙම කීය.

පළාත් අතර සංචරණ සීමා කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය රාජකාරියේ නිරත පිරිසට පමණක් බවත් ,ඒ හැර කිසිදු පුද්ගලයකුට පළාත් අතර සංචරණය කිරීම සපුරා තහනම් බව ද අජිත් රෝහණ මහතා.

නිරෝධායන නීතියට අනුගතව කටයුතු කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි .

 



අදහස් (16)

පළාත් අතර දැඩි රැකවල්

මහසෙන් Saturday, 14 August 2021 09:07 AM

අනේ බම්බුවේ සීමා. එහා මෙහා නොයන්නේ පළාත් විතරයි... යන්නේ කොහේද මල්ලේ පොල්..

:       111       51

නුවන් Saturday, 14 August 2021 09:18 AM

දැන් පළාත් අතර සංචරණ සීමා දාන එක හොඳයි. මොකද පිට පළාත්වලින් විතරයි කොරෝනා බෝවෙන්නේ... පළාත ඇතුලේ කොරෝනා බෝවෙන්නෑ.. අම්මපා මේ ලොජික් කාගේද ඇත්තටම...?

:       61       51

පප්ප Saturday, 14 August 2021 10:21 AM

අනේ මේ කොල්ලා අනුන් කියන බොරු කියලා කියලා දැන් හති නැද්ද දන්නේ නැහැ...

:       56       38

jeppaa Saturday, 14 August 2021 01:02 PM

ඔය කියන බොරු දැන්... දැන් අවුරුදු 10ක් විතරම දවස ගානේ අපි අහනවා. ඒ නිසා අපිට ඔයාවත් දැන් අප්පිරියා වෙලයි තියෙන්නේ...

:       22       17

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 14 August 2021 01:03 PM

මොනවා කරත් මේ කරනා වැඩ සෞඛ්‍ය අංශ හා WHO එකේ අනුදැනුම ඇතිව කෙරෙන දේවල් නොවේ. මේ පවතින්නේ ලෝක වසංගතයක්. මේ වනවිට මේ පුංචි රටේ දිනකට සිය ගණනක් ලෙඩුන් මියයනවා. එහෙව් රටේ මේ දේශපාලකයින් පිස්සු නටනවා. ගෝල බාලයින් රැළ ඒවට සෑදී පැහැදී සිටිනවා. එහෙයියන්ට වැඩේ මාර ජොලි. මේ වයිරසය වැඩිවී මියයෑම් වැඩිම වූ විට, අයියලා මල්ලිලා ඇතුළු සෙට් එක පිටින්ම පිටරට පනීවි. මේ කරනා වැඩ හිතුවක්කාරී, ඒකාධිපති වියරුවෙන් කරණා වැඩ බව පෙනේ.

:       54       16

wikcy Saturday, 14 August 2021 01:09 PM

මේ පළාතේම වගා කරනවද...? දැන් මාර වැඩක්නේ. වගා කරන්න කියලා, පැලවලට අවශ්‍ය නඩත්තු කරන්න, වතුර දාන්න, ඒ මිනිසුන්ට මුදල් ගෙවන්න යන්න බැහැ. අපි පොඩි මිනිස්සු නිසා, හැබැයි කවුරු හරි ලොක්කෙක් දන්නවා නම් යන්න පුළුවන්... පුදුම නීති හොඳේ...

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 14 August 2021 01:45 PM

තව ටික දවසක් ගියා නම් රටම වැහෙනවා... මිනිස්සු ඒක කරගන්න ආවේ.. ඒ බයට තමා මේ පළාත් අතර සංචරණ සීමා දැම්මේ... දැන් වෙන්න ඕන හරිය ඔක්කොම වෙලා තියෙන්නේ... තව ටික දිනකින් අනිත් පළාත්වලිනුත් පොසිටිව් වෙන්න ගනී දිගට හරහට... මාසෙකට කලින් කරන්න තිබුණු දේ තමා අද කරන්නේ... ඔන්න අද කරන්න ඕන දේ තව මාසෙකින් විතර කරයි. අනේ මන්දා මේ පාලකයින්ට මොකක් හරි මානසික ලෙඩක් තියෙනවද කියලා...

:       0       0

සමින්ද Saturday, 14 August 2021 02:08 PM

නංගීගේ මගුල් ගෙදර කොළඹ, අපි ගාල්ලේ... 50 කට තමයි පුළුවන්... අපි 5 දෙනෙකු පමණක් ගාල්ලේ යන්න පුළුවන්ද..? දන්නා කෙනෙක් සිටී නම් කියන්න,

:       0       4

lakvidu Saturday, 14 August 2021 08:43 PM

ඔයා ගාල්ලේ ඉඳගෙන ගාල්ලේ යන්න අහන්නේ මොකටද? මට පිස්සුද? නැත්නං ඔයාටද?

:       0       0

pakeer Saturday, 14 August 2021 02:24 PM

දැම්මට ඒ අයව ගෙන්න ගන්නවා ආයතන ප්‍රධානීන්.. එතකොට කොරෝනා දන්නවද මෙයා අත්‍යාවශ්‍ය කෙනෙක් කියලා... අනේ මේ අයගේ බොරු ලොජික්...

:       0       8

lal Saturday, 14 August 2021 02:56 PM

සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවලා උසාවිත් දාලා තවත් කොරෝනා රටට බෝකරන්න නම් එපා...

:       5       12

saman Saturday, 14 August 2021 04:05 PM

පළාත් මායිම්වල හොඳට රැකගෙන ඉන්න කාටවත් යන්න දෙන්න එපා. පළාත් ඇතුලේ රෝගය බෝවෙලා මැරුණාට කමක් නෑ.

:       1       10

saliya Saturday, 14 August 2021 04:42 PM

අමුඩයක් ගහලා අතීසාරයෙන් බේරෙන්න බැරි බව කවුරුත් දනී. මොනවද මේ වැඩ?

:       9       10

Rata Perata Saturday, 14 August 2021 05:28 PM

පුළුවන් නම් මිරිහාන පැත්තේ පාරවල් ටික වහලා නන්දසේන ගෙදර තියන්න. රටේ ප්‍රශ්නවලින් බොහොමයකට විසඳුම් ලැබේවි. ලොකු පිනක් අපේ රට වෙනුවෙන් කරන...

:       1       16

විපරමා Saturday, 14 August 2021 05:50 PM

ඔය දේවල් කරන්න තිබුනේ මුලින්. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා දැම්මා වගේ...

:       2       7

Sri Lanka Saturday, 14 August 2021 08:26 PM

එදා කවදාවත් පරද්දන්න බෑ කියපු ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය LTTE පරාද කරපු ජාතිය, අද පිටරටින් හඳුන්වාදීපු අපේ රටේ මුළු සේසතම හූරගන්න කොරෝනා ව්‍යාපාරය ඉස්සරහා පිටරට සංවිධාන වලට ඕනෑ විදිහට නීති වෙනස් කරලා රටම හූරං කන ගමන් අහිංසක ජනතාවත් හිඟන්නෝ කරනවා. එදා අපි මුලු ලෝකයටම පෙන්නුවා ශ්‍රී ලාංකිකයින් කියන්නේ විශිෂ්ඨ ජාතියක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 563 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 762 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 954 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 276 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1564 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 587 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site