IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පහසු ඇදුම් චක්‍රලේඛය නැවත හරි ගස්සන ලෙස දැනුම් දුන්නා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පහසු ඇඳුම් චක්‍රලේඛය නිසි පරිදි සකස් කර නැවත ඉදිරිපත් කරන්නැයි  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට දැනුම් දුන් බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කරමින් ගුරුවරුන්  කිහිපදෙනෙක් සාරියෙන් තොරව විවිධ ඇඳුම් වලින් පාසල් පැමිණි අයුරු  දුටු බවත් මෙහෙම කරන අයට ගන්නා පියවර කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.

කොරෝනා සමයේ රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමක් ඇඳගෙන එන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛ නිකුත් කර තිබූ  බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය සේවකයන් යැයි කී විට ගුරුවරුන් ද ඊට අයත් වන බව සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නව චක්‍රලේඛය ඉදිරිපත් කළ පසුව ඇතිවන තත්වය ගැන බලමු යැයි කී අධ්‍යාපන අමාත්‍යවරයා පහසු ඇඳුම් ඇඳගෙන පැමිණ සිටියා යැයි කියන ගුරුවරුන්ගේ රූප රාමු දුටු විට ඒවා පාසල් වල දී ගත් රූප රාමු නොවේ යැයි හැඟී ගිය බවද කීය.



අදහස් (9)

පහසු ඇදුම් චක්‍රලේඛය නැවත හරි ගස්සන ලෙස දැනුම් දුන්නා

Sisira Tuesday, 22 November 2022 01:31 PM

කරුණාකර ඔවුන්ට සාරි මිලදී ගැනීමට අමතර මුදලක් ලබා දෙන්න

:       5       20

විපුල Tuesday, 22 November 2022 02:57 PM

සාරි ඉල්ලන නිකං ඉදන් දන් වලදන අයට නම් සිවුරු විතරක් නොවෙයි අනෙක් හැම දෙයක්ම නොමිලේම ලැබෙනවා.

:       1       9

චන්දන Tuesday, 22 November 2022 03:18 PM

ගුරුවරියන් ඔය ඇදිණ විච්චූර්න ඇඳුම ට සාරිය ට වඩා වැඩි වියදමක් යනව. සමහර ඒවා 8000 වැඩියි . පාසලට අඳින්න ඕන සරල සාරිය මිස මඟුල් ගෙවල්වලට අඳින ඒව නෙවෙයි . සමහර ගුරුවරියන් ලිප්ස්ටික් ගාල එන්නේ . ඒව දකින ලමයි ඉගෙන ගන්නෙ නැහැ . ටීචර් ගෙ මෝස්තර බලමින් විහිලුවකට ගන්නවා .

:       55       11

Kalyaani Tuesday, 22 November 2022 04:04 PM

සහතික ඇත්ත සාරියට/ඔසරියට වඩා දෙගුණයක් පමණ මුදලක් ඔය පෙන්නපු ඇදුම් සදහා වියදම් වෙනවා. ඕක යෝජනා කලේ උඩරට ඇදුම් (ඔසරිය ) සදහා විරුද්ධ සිංහල නොවන අන්‍ය ජාතිකයෙක් කියලා හිතෙනවා. ඔහුට පක්ෂෂවත් අදහස් තියෙනවා. මොකක්ද කිව්වොත් සමහර ගුරුභවතියන්ගෙ හැට්ටෙ පිට නැතිවීම හා පෙකනිය පෙන්වීම කියන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමුවේවා

:       0       0

Kumara Tuesday, 22 November 2022 05:31 PM

සාරිය ට යන වියදම හොඳටම දන්නවා වගේ. සාරිද අඳින්නේ?

:       1       0

කිරිපුතා Tuesday, 22 November 2022 04:42 PM

සර්ව බලධාරී ඉට්ටාලිං මාමා නිසා ගුරු මෑණියන් ටීචර් අක්කිලා වෙලා රටේ සමස්ථ අධ්‍යාපනයේම විනය කඩා වැටුණම උන්නැහේ ට නම් NGO වලින් කප්පරක් ලැබෙයි.

:       5       6

Dinesh Tuesday, 22 November 2022 05:07 PM

සාරිය දැක්කා, පාසල් උපකරණ මිල නොදැක්කා කිරි පුතා. තව කඩේ යනවා.

:       1       0

ජයන්ත Tuesday, 22 November 2022 07:39 PM

ඇත්ත කතාව නම් සමහර ගුරුවරියන් සාරිය අඳින්න දන්නෙ නැහැ . එයාල සාරිය අඳිනව නෙවෙයි එල්ලගෙන එන්නේ .

:       0       1

Licha Wednesday, 23 November 2022 08:44 AM

දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ගුරුවරුන්ගේ සාරි... රටේ තියෙන බරපතල දේවල් ගොඩගන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site