( ආරියදාස කොඩිතුවක්කු)
වතුර මෝටරයක සම්බන්ධයෙන් නිවෙස් දෙකක පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් එක් නිවසක තිදෙනෙකු විසින් අනික් නිවසේ අයට අතින් පයින් හා පොලුවලින් පහර දීම නිසා එම පුද්ගලයා මියගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සූරියවැව, උස්ගල, අන්දරවැව, බැරගම කඩේ බාරේ යන ලිපිනයේ පදිංචි ව සිටි සමරවීර පටබැදිගේ මංජුල සම්පත්නමැති 32 හැවිරිදි විවාහකයෙකි.
මරණකරු සූරියවැව රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබුණි. මල සිරුර සූරියවැව රෝහමෙෘතශරීරාගාරයේ තබා ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය 22 පැවැත්වීමට නියමිතිව තිබුණි.
සිද්ධියට සම්බන්ධ එකම පවුලක මව පියා හා පුතකු සැකපිට අත්අංගුවට ගෙන සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීඛෟෂක අනුර දේශප්‍රිය සුසන්ත මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සැකකරුවන් දෙදෙනෙකුද මෙම ගැටුමේදී තුවාල ලබා ඇති අතර ඔවුන් පොලිස් ආරක්ෂාව යටතේ සූරියවැව දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි දරුවෝ ඉන්නවා ඉතාම සුළු දේවල් වලින් වුනත් උන්ට කෝපය දරාගන්න බැහැ බිම පෙරලි පෙරළි අඬනවා නැත්නම් මොකක් හරි දෙකට පයින් ගහනවා පොළොවේ ගහනවා. නැත්නම් වැඩිහිටියන්ගේ අත පය බදාගෙන හපනවා, අපි ඒවා ගණන් ගන්නේ නෑ මොකද පොඩි දරුවන් නිසා ඔවුන්ට කෝපය පාලනය කරගන්න බැහැ, කෝපය පාලනය කරගන්න දන්නේ නෑ, එත් පුදුමය කියන්නේ සිංහල මිනිස්සුත් අර පොඩි දරුවෝ වගේ කෝපය පාලනය කරගන්න දන්නේ නෑ, ඉතාම සුළු දෙයකින් වුනත් තදින් කෝපවෙලා හිතන්නවත් බැරි විදිහේ අපරාධ කරනවා, හරිම කණගාටුදායකයි, මේ දවස් ටිකේම මේ විදිහේ අපරාධ ගැන අහන්න ලැබුනා, ළමා මානසිකත්වයෙන් මිදිලා වැඩිහිටියන් වෙන්න බැරි හේතුව මොකක්ද? ඔය තරම් බන අහනවා එත් කෝපය පාලනය කරගන්න දන්නේ නෑ,
මෙහෙමත් මිනිස්සු..