
(නවරත්න සමරතුංග)
රුපියල් 1500 පොහොර මිටි රුපියල් 4000 අලෙවිකළ පොහොර ගබඩාවක් වටලා එම ගබඩාවේ තිබූ පොහොර කල්මුණේ ප්‍රදේශයේ ගොවීනට බෙදා දිමට අම්පාර පාරිභෝගික සේවා අධිකාරිය අද පියවර ගත්තේය.
පොහොර මිටි තොගයක් සඟවා තබාගෙන පොහොර හිඟ යැයි පෙන්වමින් අධික මිලකට අලෙවි කරන බවට ජාතික ගොවි සංවිධාන ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළේය.
රජය විසින් රසායනික පොහොර ආනයනය කිරීම නතර කළ නිසා නැවත පොහොර ගෙන්වීම සිදු නොවන බව පවසා කළු කඩ කාරයන් උපරිම මිලකට තම පොහොර අලෙවි කර ගැනීමට මෙසේ පොහොර හිගයක් මවා පා ඇතැයි ගොවීහු චෝදනා කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර සඟවාගෙන සිටි වෙළඳුන්ගේ ගබඩා කඩා ජනතාවට නියම මිලට ලබාදීම අගය කළයුතු ක්‍රියාවක්... සහල් ඇතුලු අනිකුත් භාණ්ඩ සඟවා ගෙන සිටින අවස්ථාවලදීත් මෙයම සිදුකළ යුතුයි.
ඡන්දෙ දවස්වල නම් අයියයි, මල්ලියි දෙන්නම කිව්වේ "ගොඩ මඩ ගොවියන් හැමදෙනාටම අවශ්‍ය සියලුම පොහොර නොමිලයේ දෙනවෝ" කියලා නේද...?
මේ සිදුකර ඇත්තේ හොඳ දෙයක්.... ලංකාවේ පාරිභෝගිකයා සැමවිටම සූරා කෑවේ අතරමැදි වෙළෙන්දා... මෙවැනි ජනතාවට අවශ්‍ය දේ සඟවා, අධික මිලට විකුණන වෙළෙන්ඳන් පිළිබඳව නිර්නාමිකව පැමිණිලි කිරීමට වැඩපිළිවෙලක් ඇරඹිය යුතුයි...