(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල ගොවීන්ට ලබා දීමට රැගෙන ආ පොහොර මිටියක නියමිත බර ප්‍රමාණය නැතැයි ගොවීහු චෝදනා කරති.

මෙම තත්ත්වය දැනුම්දීමට ආ බුලත්සිංහල ගොවින් හා  කෘෂිකර්ම නිළධාරීන් අතර ඇති වූ  ගැටුම නිරාකරණයට පොලිසිය යැවූ බව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චමින්ද ද සිල්වා මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ බුලත්සිංහල පදිංච් පුෂ්පකුමාර ගොවි මහතා සඳහන් කළේ මෙවර බුලත්සිංහල ප්‍රදේශයේ ගොවීන්ට පොහොර ගන්න අද උදේ එන්න කියල කෘෂිකර්ම නිලධාරින් අපව දැනුම්වත් කළා.

ඒ අනුව අපි පාන්දර 4 සිට ඇවිත් 150ක විතර ගොවින් පිරිසක් පොලීමේ සිටියා උදේ 9.30ට පමණ ගබඩාව විවෘත කළාම පොහොර මිටියක තිබිය යුතු නියම්ත බර කිලෝ 50 නැහැ.

තිබෙන්නෙ 46 ක් 48 ක ප්‍රමාණයන්. ඉතින් එය ගොවීන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා දීමේදී ගැටළුවක් ඇති වෙනවො.

මේකට නිලධාරින් වගකිව යුතුයි. කොහොම හරි අපට නියමිත පොහොර ප්‍රමාණය නියමිත බරට ලබාදිය යුතුයි. ඒ නිසයි මේ ගැටුම ඇතිවී තිබෙන්නේ යැයි පැවසීය.