( දිල්රුක්ෂි ග්‍රේරු)
ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට පොහොර අතවශ්‍ය සාධකයක් බැවින් පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර ඒවා ආරක්ෂිතව බෙදා හැරීම අතවශ්‍ය කාරණයක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එබැවින් පොහොර නිෂ්පාදනය කරන සමාගම් හා බෙදාහරින සමාගම් ඊට අදාළ කාර්යන් ඉටු කිරීමේදී සියල්ල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා එම කටයුුතු සිදු කරන්නැයි සියලුම බලපත්‍රලාභි පොහොර සමාගම්වලට දැනුම් දී තිබේ.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කැඳවා ගන්නා සේවක මණ්ඩලය සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් පහසුකම් යටතේ කාර්යාල පවත්වා ගනිමින් සිදු කළ යුතුබව නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
පොහොර අපනයනය රේගු නිෂ්කාෂණයන් හා වෙළඳ අනුමැතීන් ඉල්ලුම් කරන අවස්ථාවේදී විද්‍යුත් තැපෑල මගින් ඒවා කළ යුතුය.
එමෙන්ම පොහොර බෙදා හැරීම සඳහා අදාාළ සමාගම් යටතේ ලියාපදිංචි ප්‍රාදේශීය නියොජිතවරුන් ගොවීන්ගේ පහසුව සඳහා එම මධ්‍යස්ථාන විවෘත කළ යුතුය. විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලද දැන්වීම් එම පෙහොර වෙළෙඳසැල් හි අලවා තැබිය යුතුය.
පොහොර ප්‍රවාහනයේදී ප්‍රධාන වෙළඳපොළට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ යොදා ගැනීමට හැකි අතර අදාල සමාගමේ නියෝජිත ලොරි හැරුණ විට වෙනත් ලොරි සදහා සුදුසු අවසරය ලබාගත යුතුය. ඒ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරා ඇත.
ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොහොර නිෂ්පාදනය - බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි
Sumith Friday, 27 March 2020 03:31 PM
බණ්ඩාරවෙල වෙළදසල්වල පොහොර නැහැ.