
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
චීනයෙන් ආනයනය කරන ලද හානි කර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව කියන කාබනික පොහොර මෙරටට ගොඩ නොබා, එම පොහොර අඩංගු නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එම පොහොර තොගය අඩංගුව නැව අයත් "කුවන්ඩෝ බයෝ ටෙක් " නමැති චීන සමාගම විසින් රජයට මේ බව දැනුම් දී ඇතැයි විෂය බාර ඇමැති වරයා රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මාර්ගයෙන් මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.
මෙරටට කාබනික පෙහොර ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ එහි නිලධාරීන් පිරිසක් ගොනු කල රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කරන ලදි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එම පොහොර තොගය මෙරටට ගොඩ නොබාන බවට විෂයභාර අමාත්‍යවරයා ට අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දිය හැකි ද යන්න පිලිබඳව කරුණු විමසා දැනුම් දෙන ලෙස අධිකරණය මීට පෙර කල නියෝගයට අනුව රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා විසින් අමාත්‍යවරයා වෙනුවෙන් මෙම දැනුම්දීම කළේය.
එ අනුව පෙත්සම ලබන මැයි මස 09වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කෙරිණි.
මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සදහන් කලේ චීනයේ කුවන්ඩෝ සමාගමෙන් පොහොර තොගයක් ආනයනය කර ඇති බවද ඒවා පරීක්ෂා කිරීමේදී පසට හානිකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට අනාවරණය වූ බවය.
එම ජීවීන් මෙරට පසට එක් වුවහොත් විශාල හානියක් වන බවට පරිසර විද්‍යාඥයින් අනතුරු ඇඟවීම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
පාරිසරික යුක්ති කේන්ද්‍රය,එහි අධ්‍යක්ෂක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ හා එහි විධායක අධ්‍යක්ෂක පී.කේ.දිලේනා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා , කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කුවන්ඩෝ නැමැති චීන සමාගමෙන් කාබනික පොහොර ටොන් 96,000 ක් මෙරටට ආනයනය කළ අතර එම පොහොර පරීක්ෂා කිරීමේදී පසට හානි කර ක්ෂුද්‍ර ජීවින් ඇති බව තහවුරු වී ඇත.ඉදිරියේදී මුහුදු වල් පැළැටි වලින් නිර්මාණය කරන කාබනික පොහොර ලංකාවට දිගටම ලබා දෙන බවට මෙම සමාගම බලධාරීන්ට පොරොන්දු වී ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් කියා සිටිති
මෙරටට චීන කාබනික පොහොර දිගටම ආනයනය කිරීමට අවසර ලබා දුන්හොත් මෙරට කෘෂි කර්මාන්තය මහත් ව්‍යවසනයකට ලක්වන බව කෘෂි විද්‍යාඥයෝ සදහන් කරන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොර ආනයනය කළ කුවන්ඩෝ චීන සමාගමේ පොහොර ගෙන ඒම පමණක් තහනම් කර ඇති නමුත් , චීනයේ සිට මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම නවත්වා නොමැති බවත් ,තවද ඉන්දියාවේ සිට කාබනික පොහොර ආනයනය කරන බවටද රජය ඉකුත්දා නිවේදනය කල බවද පෙත්සමෙහි සදහන් වේ.
මෙරට නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රමාණවත්ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබියදී , රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම සදහා සමාගම් දෙකකට අවසර දී තිබෙන බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.
ආනයනය කළ කළ කාබනික පොහොර හේතුවෙන් මෙරට ආහාර ආරක්ෂාවට ඉදිරියේදී විශාල බලපෑමක් ඇතිවිය හැකි බව මෙරට ප්‍රධන පෙලේ පාංශු විද්‍යාඥයින් පෙන්වා දෙන බවද ඔවූහු පෙන්වා දෙති.
මෙම කරුණු සැලකිල්ලට ගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු මෙරටට කාබනික පොහොර ගෙන්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
ජාතික පාරිසරික පනතේ විධි විධානයන් උල්ලංඝනය කරමින් කාබනික පොහොර ලංකාවට ගෙන්වන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස්පතිවරයාට පියවර ගන්නා ලෙසට බල කරමින් මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් රවීන්ද්‍රනාත් දාබරේ මහතා සහ නිල්මල් වික්‍රමසිංහ යන නීතිඥවරු පෙනී සිටියහ.
නීතිපති හා විෂය බාර කෘෂිකර්ම අමාත්‍යවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දානන්ද කියන්නේ බොරු තමයි.. හොඳට හොයලා බලන්න නාවික හමුදාව දාලා...
පචනේ කියන්නේ... නැවේ තිබ්බේ අහිතකර බැක්ටීරියා නිසා කවුද දන්නේ ලංකාවට අයත් මුහුදු සීමාවේම හලලා හිස් නැව විතරක් යනවද කියලා...
ඔය කිව්වට කුණුටික මෙහෙ හලලා නැව යන්න අැති..
මේ රටේ පිට කොන්දක් තියන උගත්තු සහ රටට ආදරේ ඇති කිහිප දෙනෙක් විරුද්ධ නොවෙන්න චීනය පමණක් නොවේ ඕනෑම දිහාකින් මොනවා හරි රටේ ජනතාවගේ මුදල් ගෙවලා ගෙනැත් නිකන් ඉඳන් ජීවත්වෙන නූගත් හිඟන දේශපාලකයින් කිහිප දෙනෙක්ට උකසට දීලා වගෙයි. මේ නරුමයින්ට සියළු දූ පුතුන්ට භුක්ති විඳීමට ඇති පරිසරය විනාශ කරන්න දී සිටියොත් භෝග වගාව කළ නොහැකිව රට කාන්තාරයක් වෙයි. චීනයේ ජීවත්වෙන දුප්පතුන්ගේ ඉරණම අපි නොදන්නවයැ...