
(ෂේන් සෙනෙවිරත්න )
මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැරැල්ලගම කුරුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිස්ජාන් නමැති දරුවෙකි.
මෙම දරුවන් දෙදෙනා තම දෙමාපියන්ද සමග අද (28) දින නිවාඩුව ගතකිරීමට මෙම හෝටලයට පැමිණ ඇති අතර දහවල් 11.00 ට පමණ මියගිය දරුවා තනිව පිහිනුම් තටාකය අසල සිටියදී ඔහු පිහිනුම් තටාකයට වැටී ඇති බව පොලිසිය කියයි .
ඔහු දියේ ගිලි සිටිනු දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා පිහිනුම් තටාකයට පැන තම බාල සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුද දියේ ගිලී තිබේ .
බරපතල තත්ත්වයෙන් සිටි බාල සහෝදරයා රෝහල කරා රැගෙන යන විටද මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .
COMMENTS
අම්ම තාත්ත මොබයිල් ඔබ ඔබ ඉන්න ඇති...
ශෝකජනක ආරංචියක් වැඩිමල් දරුවා බේරේවා කියලා පතමි.. පොඩි පුතේ ඔබට ඔබගේ ආගම අනුව යහපතක්ම වේවා. මෙවන් අකල් මරණ ජාතී ජාතී නොවේවා කියලා පතනවා