(නිමන්ති රණසිංහ )
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද එම නිලධාරියා පැවසීය.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (02) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ , මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියටත් ඇවිත්ද? දැන් ඒකත් ඉවරයි..
මේවා වැරැදි පූර්වාදර්ශ ... උසාවියටත් ඉදිරිපත් කරන්න තිබුණේ මේක හරියට බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිය එක හා සමානයි.
ගැහැණු ළමයින්ට හෙරොයින් දීලා ඒ ළමයි මේ වගේ දේවල් වලට යොදා ගන්නවා.. මේ වගේ අයට ගැලපෙන දණ්ඩ නීති අපේ රටේ නැතිද?
ඔහොම තැන්වල පිරිමි අයවත් පොළඹවා ගන්නේ කාන්තාවන්... පේනවනේ ඇඳුම් අඳින හැටි... දරුවෙක් එක්ක පාරේ බැහැලාවත් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ...
පොලිසියට එයාලගේ වීඩියෝ එක පෙන්නුවද.?
මේ රටේ කෙරෙන අපරාධ වල හැටියට මේක එච්චර කලබල වෙන්න දෙයක් නොවෙයි.
ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බැලුවා මේ දෙන්නව හම ගහලා රටේ ප්‍රශ්න යට ගහන්න. මීඩියා ඔක්කොම උඩ පැන පැන මේ දෙන්නව ප්‍රවෘත්ති වල තියාගෙන තැලුවා. වැඩේ නෝණ්ඩි වුණු නිසා කොරෝනා පිටින් දාලා මේ දෙන්නව නිදහස් කළා. සෝෂල් මීඩියාවලින් අම්බානක කුණු බැණුම් ආණ්ඩුව මේකෙන් අහගත්තා. මේ දෙන්නා මොනවා කළාද කියලා හිරේ දාන්නද? අන්තිමට ඒ දෙන්නාට රටේ ඉන්න නැති කළා. මහ අය කොරෝනා මරණ ගණන, පාස්කු ඝාතනය, සීනි, හාල්, උද්ධමනය මේවා යට ගහන්න ඕන බලු වැඩක් කරනවා. මම හිතුවේ මුලින්ම අර Gtv කරන පොඩි එකාව ඇතුලට දායි කියලා. ඒත් අහුවුනේ මේ දෙන්නව...
කලබල වෙන්න නම් දෙයක් නැහැ තමයි... ඕකෙ රඟේ තේරෙන්නේ තමන්ගේ පවුලේ කෙනෙකුට මේක සිදුවුණා නම් තමයි. තමන්ගේ නොවන නිසා ගාණක්වත් නැහැ නේද? ඒත් මේ අපේම දරුවෝ කියලා සිතන්න පුරුදු වෙන්න.
මෙම ජායාරූපය සහ පුවත අතර සම්බන්දයක් නැත. එම නිසා කරුනාකර එම ජායාරූපය ඉවත් කරන්න.
ලිංගික ක්‍රියාකාරකම් සහිත වීඩියෝ නිෂ්පාදනය ලාබදායී ව්‍යාපාරයක් බව මේ සිදුවීමෙන් රටේම ජනතාව දැනුවත් වුනා. දැන් තව කී දෙනෙක් මේක පටන්ගනීවිද? මේවා කරලා අහු උනොත් පොලිසියෙන් ඇප දෙනවා කියලත් ජනතාව දැනුවත් වුනා.