IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොහොට්ටුවෙනුත් කතානායකට විශ්වාස භංගයක්

(අංජුල මහික වීරරත්න)

කථානායක අශෝක රන්වල මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා ලංකාදීපයට පැවසීය.

කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නකාරී තත්ත්වය නිසා ඔහු පිළිබද විශ්වාසය කඩ වී ඇතැයිද එම නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම රැස් වී අදාල තීරණය ගත් බව ද ජානක මහතා සඳහන් කළේය. පොදු ජන පෙරමුණ ගත් මෙම තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලු පක්ෂ වලට ලිඛිතව දැනුම් දෙන බව කී ඩී.වී චානක මහතා ඒ අනුව අදාළ විශ්වාස භංගය සඳහා ඔවුන්ගේ ද සහාය ලබා ගැනීමට අදහස් කරන බව කීය.

රටේ ඉහළ පෙළේ පත් කිරීම් කරන ව්‍යවස්ථාදායක සභාවේ සහ උසස් නිලතල කාරක සභාවේ ප්‍රධානියා වන්නේ කථානායකවරයා බව කී චානක මහතා එවන් උසස් තනතුරු පත් කරන තැනක ප්‍රධානියා තමන්ට නැති උපාධියක් ආරූඪ කරගෙන තිබේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව ද වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (8)

පොහොට්ටුවෙනුත් කතානායකට විශ්වාස භංගයක්

පිටරැටියා Thursday, 12 December 2024 08:46 PM

පොහොට්ටුවේ ඉන්න සුද්දවන්තයෝ ගැන නම් කියලා වැඩක් නැහැ...!

:       1       2

m.dammasiri Thursday, 12 December 2024 08:54 PM

මේ වගේ කුහකයින් හැත්තක්. ඔයාලා විනාශ කරපු රට ගොඩ ගන්න උදව් කරපියව්! කකුලෙන් අදින්නේ නැතුව...!!!

:       1       2

Prasanna Thursday, 12 December 2024 09:20 PM

මෙයා ආචාර්ය උපාධිය අරගෙන ඇත්තේ...

:       1       0

Perera Thursday, 12 December 2024 11:43 PM

නාමල්ගේ නීතීඥ උපාධියත් අභියෝගයට ලක්කරන්න ඕකත් එක්කම...

:       1       3

පිටරටවැසියා Friday, 13 December 2024 12:04 AM

ජාතික සංවිධායක නීතීඥතුමාටත් විශ්වාස භංගයක් ගෙනෙනවාද??

:       1       3

sunil Friday, 13 December 2024 04:25 AM

වැරැද්ද කවුරු කළත් වැරැදියි. ජා.ජ.බ මෙම සිද්ධිය ගැන විවෘතව උත්තරය ප්‍රකාශ නොකරන්නේ ඇයි? කතානායක රකින්නේ ඇයි? එක්කෝ කතානායක ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් තමා නිවැරැදි බවට ඔප්පු කළ යුතුයි. පමාවෙන තරමට මඩ නානවා.

:       0       3

Shyama Nanayakkara Friday, 13 December 2024 06:52 AM

නාමල්ගේ නීති විභාගේ ගැනත් හොයමු නේද

:       1       4

ගමේ එකාලා Friday, 13 December 2024 05:26 PM

කතානායකගේ සුදුසුකම් පිළිබඳව හරියට ඔප්පු නොවුණොත්, ඔහුව අයින්කරලා වෙන කෙනෙක් පත්කරාවි. දේශපාලුවන්ට කඩේ ගිය නළු නිළියන්ටත් දූෂිත දේශපාලුවන්ටත්... ආචාර්‍ය උපාධි තියෙන්නේ...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site