IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පොහොට්ටුවෙන් රනිල්ට අභියෝගයක්

(සුජිත් හේවාජුලිගේ)

සමග ජන බලවේගයෙන් අඩු තරමින් මන්ත්‍රීවරුන් විස්සක් ආණ්ඩුවට සම්බන්ධ කර නොගතහොත් වෙනම ප්‍රබල  අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ලබන මස අග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමුළු කිහිපයක් පැවැත්වීමට නියමිත අතර  පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සමුළුවකදී අපේක්ෂකයා නිල වශයෙන්  ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව දැනගන්නට ඇත.

සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඇති අතර එම කාලය ඉක්මවා යාමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණු ඇතැයිද  පැවසේ.

සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන්  සැලකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා බවට ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු කිහිපදෙනෙක්ද දේශපාලන වේදිකාවලදී පසුගිය කාලය පුරා දැඩිව ප්‍රකාශ කළහ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපේක්ෂකයන් සම්බන්ධ සාකච්ඡා දිගටම පැවැත්වෙන බවයි.

ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් පක්ෂයේ කාන්තා සහ  තරුණ සමුළුද ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා යෝජනා වී ඇති නම් අතරින්  ව්‍යවසායක ධම්මික පෙරේරා මහතාගේ නම  එම පක්ෂ  නායකයන්ගේ  ඉහළ අවධානය යොමුවී  ඇතැයි දැනගන්නට ඇත



අදහස් (22)

පොහොට්ටුවෙන් රනිල්ට අභියෝගයක්

Jagath Saturday, 01 June 2024 12:44 PM

සමගි ජන බලයේ මන්ත්‍රීවරු විස්සක් ආණ්ඩුවට සම්බන්ධ වුණා කියන්නේ, සජිත්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන්ම ඉවරයි.

:       6       112

kaalagune Saturday, 01 June 2024 01:05 PM

ඔය පොහොට්ටුවේ උන්ට ඒ කියන්නේ රාජපක්ෂලා සහ උන්ට්ගේ සට්ටම්බියන්ට ඇති ඡන්ද පදනමක් නැහැ දැන්. ඔතන ඉන්නන දක්ෂ හා අවංක පිරිසක් ඉන්නවා . අන්න ඒ පිරිසත් එකතුකරගෙන රනිල් මහතාට තියෙන්නේ තනිව ගමනක් යාම. ඒ ගමනට පාඨලි , පොන්සේකා වගේ උදවියත් එකතුකර ගතයුතුයි . මොන විවේචන තිබුනත් රනිල් මහතා මේ අවුරුදු 2 ට අගය කලයුතු දෙයක් කලා . අපක්ෂපාතිව, කුහකක නොවී හා බුද්ධිමත්ව හිතන ඕනෑම අයෙකුට තේරෙනවා මේ වෙලාවේ රනිල් මහතා හැර වෙන විකල්පයක් නැති බව . රනිල් මහතා තේරුම් ගතයුතු වැදගත්ම කරුණ තමයි මිනිස්සුන්ට දැන් රාජපක්ෂලා තිත්ත වී ඇති බව . මේ තක්කඩි පවුල නැතිව ඡන්දෙට අවොත් ඔහු දිනන්නවා . සජියාගේ මෝඩ චුන් වලින් හෝ අනුර කුමාරගේ තර්ක මහපොළවේ යථාර්ථ නෙවෙයි.

:       150       83

de silva Saturday, 01 June 2024 01:16 PM

තව මාස 3-4 කින් ජනාධිපතිවරණෙ තියන්න වෙනවා , එකෙන් පත්වෙන නව ජනාධිපතිවරයා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරවනවා ,දැනට තිබෙන තත්වය මත පත් වෙන්නේ අනුර හෝ සජිත් , සජිත් පත්වුනොත් පොහොට්ටු කාරයන්ට යම්කිසි ගැලවිල්ලක් තිබෙනවා නමුත් රනිල් ලඟට ගිය එවුන්ට කිසිම ගැලවිල්ලක් නැහැ , අනුර දැනට දෙන මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක වුනොත් පොහොට්ටු කාරයෝ බොහොමයකට හිරේ යන්න වෙනවා , මෙවැනි අවස්ථාවක ආණ්ඩුවට එන්න මන්ත්‍රී කෙනෙක් කෝටි 300-400 වත් ඉල්ලවී , චන්දෙ දවසේ හෝ ඊට දිනකට පෙර දැනට සිටින පොහොට්ටු මන්ත්‍රීවරු බොහොමයක් විදේශ ගතවෙන්න සැලසුම් කර ඇත , ඔවුන් නැවත එන නොඑන එක තීරණය කරන්නේ රටේ තිබෙන පශ්චාත් මැතිවරණ තත්වය නිරීක්ෂණය කරලා, චන්දෙන් අනුර දිනුවොත් මිනිස්සු ගුවන්තුටුපලවල් වල ඇතුල්වන දොරටුවල චෙක් පොඉන්ට් දමනවා හොරු රටින් පිටවෙනෙක වලක්වන්න .

:       140       57

seneSaturday, 01 June 2024 03:44 PM

ඔය අනුර කියන දෑ පොළවේ යථාර්තයක් නොවේ. පොරොන්දු පමණයි. විශ්වාස කරන අයට දෙවැනි වරටත් අබ සරණයි.

:       53       161

Rata PerataSaturday, 01 June 2024 08:15 PM

මේ වගේ ලිං මැඩියෝ එක්ක රටවල් හදන්න පුළුවන්ද? වෙන රටවල් වලට ගිහින් බලන්න හලෝ... කොහොමද ඒ රටවල්වල නීති ක්‍රියාත්මක වෙන්නේ කියලා...

:       51       14

තර්ස්ත මාර්ෂල්Saturday, 01 June 2024 08:10 PM

ලැජ්ජා නැතුව ලොරි ටෝක් දානවා . අපිට කන්න නැති වෙලේ , ගමනක් බිමනක් යන්න නැති වෙලේ , බාර අරගෙන කරන්න තිබුනානේ . එතකොට මොන ආර්ථික ප්‍රතිපත්තිත් නැහැ . දැනුත් බලය අරගෙන මොනවද කරන්න යන්නේ කියල දන්නේ නැහැ . චන්ද දිනලා ආයේ තර්ස්තවාදී ක්‍රියා කරලා , කොමුනිස්ට් රටක් කරන්නයි හදන්නේ . එච්චර තමයි දන්නේ . මිනිසුන්නට ගහල බය කරන ප්‍රතිපත්ති, ඔය දැන්ම එලි දක්වන්නේ . ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න ෆයිල් ටිකට, නඩු දාල අපේ රටට ආපහු සල්ලි අරගෙන දෙන්නකෝ . ගහන්න ලැහැස්ති වෙලා ඉන්නේ . ළමයි ඉස්සරහ දෙමව්පියෝ මරල ගියා . ජුලි කලබලේ ඇති කරලා මුළු රටම අන්දලා ජාත්යතරයට ලංකාවේ ඉන්නේ වැද්දෝ කිලය ඔප්පු කළා . උතුරේ බෙදුම්වාදී යුද්දයක් තියෙද්දී රටෙන් 50/50 ගන්න දකුණේ යුද්දයක් පටන් ගත්තා . තමන්ගේ ළමයි පිටරටවල , පුද්ගලික විශ්වවිද්‍යාල වල , අපේ රටේ ළමයි අසරණ දෙමව්පියන්ට දුක් දීල පාරවල්වල නානවා

:       0       1

හේරත් බණ්ඩා Saturday, 01 June 2024 01:22 PM

කවුර ුඉදිරිපත් කෙරුවත් වාර්තාගත පරාජයක් නියතයි. බොරුවට වෙහෙසෙන්න එපා.

:       42       92

Kumari Saturday, 01 June 2024 01:26 PM

ධම්මික මහතා ආවෝත් උපරිම සහය ලැබෙනවා අපේන්

:       108       60

HafeelSaturday, 01 June 2024 05:49 PM

ඒ සමගම රටතුළට කුණු කන්ටයිනරුත් ඒවි. රතුපස්වල ජනතාවගේ පානීය ජලයට වෙච්චි හානිය සහ ඔවුන්ගේ ජීවිතවලට කළ හානිය අමතක කරන්න බැහැ...

:       10       67

නාඩගම්කාරයෝ Saturday, 01 June 2024 02:10 PM

පොහොට්ටුවෙ එවුන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ කරන්න පුළුවන් එකෙක් හිටියා නම් අරගලය වෙලාවෙ ඔය ඉන්නවා කියන එකා අගමැති කරල ජනාධිපති කරන්න තිබුනා කියලා හිතෙන්නේ මට විතරක් වෙන්න බැහැ මහින්ද මහත්තෙයා අපිට කෝලම් කුට්ටම පෙන්නන්න හදනවා වගෙයි

:       28       92

ගමේ එකාලා Saturday, 01 June 2024 02:44 PM

මොකා අභියෝග කෙරුවත් මාරුවෙන් මාරුවට බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       6       77

Kazi Shajahan Saturday, 01 June 2024 03:39 PM

ජනාධිපති තුමනි, ඔබතුමා බිය නොවන්න. පොහොට්ටුවට ඔබ හැර වෙන සරණක් දැන් නැහැ. මොකද උනුත් දැන් ඉන්නේ නන්නත්තාර වෙලා.

:       48       67

දයාසේන Saturday, 01 June 2024 04:44 PM

මෙන්න සෙට් එක අන්ලයික් දාන්න බැහැලා ඉන්නේ අදහස් නොදක්වා ඉන්නවා නම් හොඳයි..!

:       57       12

PGPTHILAK Saturday, 01 June 2024 04:46 PM

වෙස් මුහුණු බන්දලා එව්වත්, මහින්ද ඇතූළු පොහොට්ටු රැලට වත් රනිල්ටත් නැවත ඡන්ද මංකොල්ල කන්න මේ රටේ මිනිස්සු ඉඩ දෙන්නේ නෑ...!

:       47       34

Venura Saturday, 01 June 2024 06:00 PM

කවුද මේ අනිත් අයගේ මතයක් ඉවසන්න බැරි කාලකන්නි ජෙප්පො, විරුද්ධ අදහසක් දාපු උන්ව මරන්න කපන්න හොයන්නේ. නායකත්වය අරන් රට කොරයි. ලැජ්ජයි උඹලගේ දේශපාලන කෙරුවාව. මරණ තර්ජන වලට භයේ මිනිස්සු මතය ප්‍රකාශ නොකර හිටිය කාලයක්. ඒ කාලෙ දැන් ඉවරයි.

:       21       77

සිල්වා Saturday, 01 June 2024 06:15 PM

බාර් ලයිසන් විස්ස ද? කපෝතියි. වෙස් මුහුණු ගැලවෙයි.

:       6       42

සෙනෙවිරත්න Saturday, 01 June 2024 06:50 PM

වෙනුර, අන් මතය ඉවසන අයද පොහොට්ටුවෝ, යූ ඇන්පී කාරයෝ? අන්මතය ඉවසලා කටයුතු කළා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. රට හරියට කළා නම් අපි කට පියාගෙන ඉන්නවා. රටට කෙලවලා තව මොනවා කියනවාද?

:       48       11

Ruwan De Silva Saturday, 01 June 2024 06:59 PM

අනුර ජනපති වුනොත් ඊළඟ ආසියානු මකරා වෙන්නේ ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානයට පස්සේ.

:       23       21

Deepal Nirosh Saturday, 01 June 2024 07:59 PM

දැන් රටේ ප්‍රධාන ගැටළුව මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයො කවුද යන්න නොවෙයි, කවුරු ආවත් විශ්ව කර්ම කරල පෙන්නන්න බැහැ. ජනතාවට අවශ්‍ය මේ වසරට නියමිත ජනාධිපතිවරණය නිසි කලට ලබා ගැනීමයි. පැවැත්වුවහොත් ඕන තරම් අපේක්ෂකයො ඉදිරිපත් වේවි.

:       0       0

Venura Saturday, 01 June 2024 09:47 PM

සෙනෙවිරත්න මැරිලා ඉපදුනාද? අපිට මතකයි තමුන්නැහැ ඒ දවස් වල රෙදි නැතුව යූ එන්පියට කඩේ ගියා. පොහොට්‍ටුවද පු‍ටුවද අලියද අලි බෙට්ටද කියන එක අපිට නම් අදාල නෑ මොකද ඔය කිසිම පක්ශයක් එන්නේ මේ රට හදන්නවත් මේ රටේ මිනිස්සුන්ට පට්ට ආදරේකටවත් නොවන බව තමුන්ට තාමත් තේරිලා නෑ. හැබැයි එක දෙයක් අපිට තේරෙනවා. ජෙප්පො ආවොත් අනිත් කවුරු ආවටත් වඩා මිනිස්සුන්ට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස නැති වෙනවා. දියුණුවක් ඉතින් හිතන්නවත් හම්බෙන්නෙ නෑ උතුරු කොරියාව වගේ තියෙයි. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අත උස්සලා නෝන්ඩි වූවාට බොහොම ස්තූතියි.

:       0       1

Deepal Nirosh Sunday, 02 June 2024 08:50 AM

කවුරු ජනාධිපතිවරණයට ඉල්ලන්න හෝ ඉල්ලල ජයගන්න හෝ නියමිත ජනාධිපතිවරණය පවත්වා ගත යුතුයි. එය මඟ හැර යාමට ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුව නිරන්තරව අර අඳිනවා. කළ යුත්තෙ අපේක්ෂකයන් ගැන සිහින මැවීම වෙනුවට ජනාධිපතිවරණය නියමිත දිනට ලබා ගැනීමේ සටනක් දියත් කිරීමයි. අපේක්ෂකයො ඕන තරම් ඉඳීවි.

:       0       0

බණ්ඩා Monday, 03 June 2024 02:11 AM

‍රටත් දේශපාලනයත්, එහි නව ප්‍රවනතාවයන් ද දන්නා මිනිස්සු, රනිල් යනු කව්ද යන්නත් ඉතා හොඳින් දන්නේය. පල් හොරුන් සහ මිනීමරුවන් ගෙන් සමන්විත, තමන් ගේ යහපත උදෙසා අටවා ගත් පක්‍ෂ, අරගලයෙන් පසු ජනතාව ප්‍රතික්‍ෂේප කොට තිබේ. රට අතහැර පලා ගිය, නාවික හමුදා කඳවුරු තුල ජනතාවගෙන් බේරීමට සැඟවුනු උන්ට ජන පදනමක් ඇතැයි සිතා සිටීමත් විහිළුවකි. ජනාධිපති වරයාට සුලු ජන ඡන් ද් මෙන්ම සුලු පක්‍ෂවලද සහයෝගය තිබේ. මගේ දැණීමට අනුව නම් ජනාදිපති වරයාට පොහොට්ටු උන් ගේ සහයෝගයක් නොමැතිව වුවද අවශ්‍ය ඡන් ද ලබා ගැනීමේ ගැටළුවක් කොහෙත්ම නැත​.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1047 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 309 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 116 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1030 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 713 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 243 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site