(සුජිත් හේවාජුලිගේ)
වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
සමෘද්ධි සහනාධාරය දිගටම පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය දීම දිගටම කරගෙන යෑම,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම එම ඉල්ලීම් හතර බව පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියකින් මෙම ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත.
රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය සමෘද්ධි ව්‍යාපාරය හෙයින් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනවිත් වෙනස් කිරීම සුදුසු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් දැනුම්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඩපහරට ගසාගෙන යන්නා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවාලු...
මේවා දේශපාලන ඉල්ලීම්. සාගල කාරියවසම් මහතා මුදල් දෙනවා නම් හොඳයි රජයට ඕවා කරන්න. ජනාධිපතිතුමා අයවැය තුළින් බුද්ධිමත් ක්‍රියාවලියක් රටට ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
පොහොට්ටුවේ ලේකම් කියන විදියට නටන්න පින් ජනපතියා රූකඩයක් කියලා හිතාගෙන ඇති...
ඡන්දය තියාපල්ලා. ජනතාව ඔබලාට සහනාධාරයක් දෙයි...
අවුරුදු 46ක දේශපාලන අත්දැකීම් ඇති පරිණත නායකයෙක් කියන රනිල් වික්‍රමසිංහට අහෝ වෙච්චි දෙයක්.. ඊයේ, පෙරේදා දේශපාලනයට ආව සාගරගේ උපදෙස්, නියෝගවලට යටත් වෙන්න වෙලා...