IMG-LOGO

පොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැ

(නිමල කොඩිතුවක්කු)

69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

තමන්ට ඇති ජනවරම තේරුම් ගෙන ජනාදිපතිවරයා ප්‍රමුඛ ආන්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයිද  කිරිඇල්ල මහතා  සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“ලක්ෂ 69ක ඡන්දයකින් බලයට පත්වුන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාත්‍යන්තර මැයි දින සැමරුම පවත්වන්න නොහැකි වුණා. සෞභාගග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට පැමැනි පොහොට්ටුව රට විනාශ කලා. අද ආණ්ඩුවේ නායකයින්ට එලියට බහින්න විදියක් නැහැ. අද ඒ අය ජනතාවගෙන් සැඟවී සිටිනවා. තමන්ගේ තත්වය තේරුමි ගෙන මේ ආන්ඩුව වහාම ඉවත් විය යුතුයි.

 948 අපිට නිදහස ලැබුනට පස්සේ අද වෙනකොට ආණ්ඩු 14ක් බලයට පත් වෙලා තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේ රට බංකොලොත් කලේ නැ. රට බංකොලොත් කරපු එකම ආණ්ඩුව තමයි ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් පොහොට්ටුව ආණ්ඩුව.

අද මේ ආණ්ඩුවට ජන වරමක් නෑ. රට බංකොලොත් කරපු ආණ්ඩුවට එරෙහිවලංකාව පුරාම විරෝධතා. පැවැත්වෙනවා. අද පාලකයෝ බංකර්වල සැඟවිලා සිටිනවා. සති ගානකින් ජනාධිපතිතුමා පෙන්න නැ. මෙහෙම හැංගිලා රට පාලනය කරන්න බැහැ.



අදහස් (1)

පොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැ

de silva Monday, 02 May 2022 07:49 PM

එළියට ආවොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන නිසා අපි මොලේ කල්පනා කරලා මැයි දින රැළිය බංකරයක සිට සැමරුවා..., ඔයාට දුකද? මෙයට විශ්වාසී කාඩ්බෝඩ් වීරයා සහ මයිනා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site