
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය.
ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවකුත් නැහැ නේද මහත්තයා?
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය. ඔන්න දැන් පොහොට්ටුව වැටිලා තියෙන තැන එතුමාම පිළිගන්නවා.
ඉතින් අපට පාන්ද?
ප්‍රසන්න රණතුංග කිව්වත් නොකිව්වත් රනිල් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ඉවරයි. පොහොට්ටුව රාජපක්ෂ බුදලේ කොටසක් නෙවෙයි නම් කීයටවත් රණතුංග බූදල් කොටසක් වෙන්නෙත් නෑ එයා තනි තීරණ දෙන්න. ප්‍රසන්න රණතුංග බලන් ඉන්නේ රනිල්ට පොහොට්ටුවෙ ඡන්ද අරන් දීලා ඊළඟට එයාට අගමැතිකම ඉල්ලන්න වෙන්න ඇති. කළගුණ සලකන එකෙක් තමන්ට ඉදිරියට එන්න අත දීපු පොහොට්ටුව ඔහොම දෙකට කඩන වැඩ කරන්නේ නෑ.
කලගුණ, නැතිව නැත්නම් කූඩුවේනේ...
ඔබ දන්නවාද ඔබ විසින් දක්කනු ලබන්නේ මිලියන ගණනක වෛද්‍ය, ඉංජිනේරු ආදී බුද්ධිමත් වෘත්තිකයින් බව. දක්ෂ ව්‍යපාරිකයින් බව. වැවිලි කරුවන්, බැංකු කරුවන්, අභියෝග බාරගත් විදේශගත ශ්‍රමිකයින් බව...? ළඟදී පිට වුණු උසස්පෙළ විභාගය ජයගත් අවුරුදු 20ක බුද්ධිමත් සිසුන් බව? බවුන් වඩන ධර්මධර බුද්ධිමත් භික්ෂූන් බව?. රට සුරකින ත්‍රිවිධ හමුදාව බව? ඔබ දන්නවාද ඔබ සුදුසු නැති බව? සුදුස්සන්ට ඉදිරියට ඒමට ඔබ බාධාවක් බව?
අනේ කොච්චර හොඳද නේද? බුරුත පිටින්ම ගෙදර යවන්ඩ පුළුවන්
ඔව් ..අපි දන්නවා .. පොහොට්ටුව පරවෙමින් යනවා කියලා .. දැන් ඕකෙ එල්ලිලා ඉන්න එකෙක් නැහැ.
පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ. ඒ වගේම ඡන්දත් නෑ. UNP එකට අවුරුදු 40ක් තිස්සේ ඉන්න ඡන්දෙන් පැරදුණු මළාට නායකකම දාලා යන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒත් මිනිහාට ඡන්ද නෑ. අනිත් එක මේ වගේ කප්පම් කාරයින්ට, කුඩු කාරයින්ට ආයෙත් ඡන්දයකින් දිනන්න ලැබෙන්නේ නෑ... දැන් මිනිස්සු දැනුවත්...
පොහොට්ටුවේ ඉන්නේ පට්ට හොර දූෂිතයින්, තමුන් ගේ මහ එකා ඉඳලා පවුලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අය...!
කොහොමත් පොහොට්ටුවට, අලියට විතරක් නෙවෙයි කප්පන් ප්‍රසන්නයාටත් යන එන මං නෑ. හැමෝම ඉන්න ඕනෑ වැලිකඩ...
ඇයි බං අර ලංකාවෙන්ම පළවෙනියාට නීති විභාගය සමත් වෙච්චි කෙනා ඉන්නේ අර අර බෙල්ල වටේ රතු රෙද්දක් ඔතාගෙන ඉන්න කෙනා. අර මගුල් කාලා ලයිට් බිල නොගවපු කෙනා. එයා හොඳ මදිද?
පොහොට්ටුවක් කියලා කියාගන්න ප්‍රසන්න රණතුංග වුණත් එහෙනම් ජනපති වෙන්නවත් අගමැති වෙන්නවත් සුදුසු නෑ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කිව්වලු. බොහොම ස්තූතියි. ඔබ සහයෝගය දෙන කෙනෙක්ට එහෙනම් අපි ඡන්දයක් දෙන්නෙත් නෑ.