(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොහොට්ටුව ලකුණින් තරග කරන පක්ෂ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැති සාකච්ඡාවට අතුරලියේ රතන හිමි , බැසිල් රාජපක්ෂ , මහාචාර්ය ජී.එල් පීරිස් , දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාල ද සිල්වා , ඩලස් අලහප්පෙරුම , දයාසිරි ජයසේකර , මහින්ද අමරවීර , ආරුමුගම් තොන්ඩමන් , වාසුදේව නානායක්කාර , ඩග්ලස් දේවානන්ද , මහාචාර්ය තිස්ස විතාරණ , මහින්ද යාපා අබේවර්ධන , එස් එම් චන්ද්‍රසේන , රාජා කොල්ලුරේ , ගාමිණි ලොකුගේ යන මහත්වරු ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගි වී ඇත.
ඉදිරි මහ මැතිවරණයට සියලු පක්ෂ එක්ව පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ද එහිදී තීරණය කර ඇත.
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පක්ෂ වලට වෙනම තරග කිරීමට අවස්ථාව ලබාදීමටද එහිදී තීරණය වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා නාම යෝජනා මණ්ඩලයක් පත්කර එම කටයුතු කඩිනමින් නිම කිරීමටද තීරණය කර ඇත.
එම සාකච්ඡාව පැය එක හමාරක පමණ කාලයක් පැවැති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන අකාරයේ අවබෝධතා ගිවිසුම් ගහගෙන කවුරු ආවත්, ජනතාවනි ඔබට බාරයි තීන්දුව. මේ පාරවත් රටට හිතැති උගතුන් තෝරාපත්කර ගන්නා ලෙස ඔබලාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.
බන්දුල ගුණවර්ධන මහතා වැනි කිහිප දෙනෙක් ඇරෙන්න ගෝඨාභය මහතාගේ නම විකුණා බලයට එන්න බලන් අනික් අය කොහොමත් මේ පාර ගෙදර යනවා. අලුතෙන් එන අයවත් හරියට කළොත් හරි.
අවබෝධතා ගිවිසුම් ඇතිකරගත යුත්තේ ඡන්දදායකයන් වන අප සමගයි. මොකද මෙදා අපතයන් ගොඩාක් දෙනෙකු ගෙදර යවන්න බලාගෙන ඉන්නේ ඡන්දදායකයන් වන අපිය.