(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ විශේෂ හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  මේ බව පැවසීය .