(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත් ව, ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන පොදුජන පෙරමුණ පෙරමුණේ ප්‍රබලයන් කිහිදෙනෙකු පසුගිය දා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දැනගන්නට තිබේ.
ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන ,කොළඹ , ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී ඇතැයි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් හොරෙකුට එකම තැනකට වෙලා ඉඳගෙන හොරකම් කරන්න බැහැනේ හැමදාම... තවත් හොර කල්ලියක සහයෝගය මත දිගටම හොරකම් කිරීම තමයි හොරුන්ගේ අරමුණ. මෝඩයින් ඉතින් එකම හොර කාසියේ දෙපැත්ත පෙරලලා නරඹලා සතුටින් ජීවත් වෙනවා.
ඔතන එන්නේ එහෙට මෙහෙට පනින ගෙම්බෝ... ආපහු ගියා කියලා පුදුම වෙන්න දෙයක් නැහැ.
රට බංකොළොත් කරපු පක්ෂයයි, කිසිම ආසනයක් දිනාගන්න බැරි වුණු බංකොළොත් පක්ෂයයි කොහොම එකතු වුණත් එකයි, එන සැරේ දෙගොල්ලෝම ගෙදර..!
අලියාගේ වලිගයේ එල්ලීම හැරෙන්නට වෙනත් විකල්පයක් පොහොට්ටුවට නොමැතිය. කොහොමද පෙර කාලයේදී පොහොට්ටුව දාපු සද්ද බද්ද... ප්‍රේමකීර්ති ලියූ ප්‍රෙඩී සිල්වා ගැයූ ගීතයක කොටසක් මතකෙට ආවා. " ජෙට් බට් එරොප්ලේන් රොකට් උඩ ගියාට මහ සද්දෙන් .. නතර වෙන්නේ අවසානේ පොළොවේ හතර රියන මැද්දෙන්..."
ගියවතාවෙ ජාතික ලැයිස්තුවෙන් එකක් ලැබුනා කුණුවෙච්චි පොහොට්ටුවො ආවොත් ඒකත් නැතුව යනවා
ඒක තමයි අපි කියන්නේ ගෙම්බන් පැනීම නීතියෙන් තහනම් කරන්න කියලා...
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පනින දේශපාලුවන් ඉන්නේ? අමුතුවෙන් කියලා බා ගන්න දෙයක් නැහැ...
දේශපාලන "ප්‍රබලයෝ" නම් එමටයි. හැබැයි රට නම් බංකොලොත්.
මේ වතාවෙ කවර හෝ ඡන්දයක් පැවැත්වෙන කාල සීමාවේදී අලියටත්, පොහොට්ටුවටත්, කපුටටත් අපේ නිවස පැත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ.
අවුරුදු හැත්තෑ හතරක් පාලනය කරපු උඹලා සියලු දෙනාම එක පැත්තක් අරගෙන වරෙල්ලා ඡන්දෙකට.
කවුරු ආවත් පොහොට්ටුවේ අයට නම් දෙන්නේ නෑ. පොහොට්ටුවේ අයට දෙනවා කියන්නේ කපුටාට දෙනවා කියන එක...
ඔව් ඉතින් කොහොමත් හොරු හොරුන්ට එකතු වෙනවා. මොනවා කළත් යූ.එන්.පී. එකේ නොහැකියාව වගේම පොහොට්ටුවේ හොරුන් ගැන රටම දන්නවා. මේ වැඩි දෙනෙකුට ඉදිරි ඡන්දෙදී ගෙදර යාම ස්ථිරයි...
සියලු දේශපාලකයන් ප්‍රතික්ෂේප කර තිබෙනා අවස්ථවක එක්සත් ජාතික පක්ෂයට පොහොට්ටුවේ හෝ පොහොටුවට සම්මබන්ද කණඩායම් අවශ්‍ය නොමැත. එක්සත් ජාතික පක්ෂය කලයුතුවනුයේ අලුත් තරුණ කණ්ඩායමක් ( සියලු ජාතීන් ඇතුලත්- කනතා නියෝජනයක් ඇතුලත් ) මැතිවරණයට ඉදිරිපත් කිරීම වේ. ලංකාවේ පවතින දේශපාලනය පුර්ණ වෙනසකට ලක්කිරීමට නම් පළමුව ජනාධිපතිවරණය පවත්වා දෙවනුව මහමැතිවරණයකට යා යුතුවේ. එසේ කළහොත් අලුත් ජනාධිපතිවරයකු යටතේ අලුත් කණඩායමක් ( බහුතරයක් ) සහිත රජයක් බිහිවනු ඇත. ඉදිරිදී පැවැත්වෙන පළමු මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් වනු ඇත. නිදහසින් පසුව පැවති සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනුවට නව යුගයක ආරම්බයක් වනු ඇත.
ඔය ලොකු නම් තිබුණ පරණ හොරු මොන බෝඩ් එක ගහගෙන ඡන්දෙට ආවත් ගියවර ගනිපු මනාපවලින් සියයට 25 ක් වත් මෙවර නොලැබේ. පෝලිම්වල දුක්විඳලා ආදායම් මාර්ග වැහිලා , බඩ ගින්නේ මට්ටුවෙලා ඉන්න ඡන්ද දායකයන්ට ඔය ලොකු නම් නයාට අඳුකොළ මෙනි. එජාපෙට තිබුණ ආසනෙත් නැතිවෙයි. පොහොට්ටුවට කැම්පේන් කරන්න ගෙන් ගෙට යන්න එකෙක් හොයා ගන්න නැතිවෙයි. දොගොල්ලෝ එකට ඉල්ලුමොත් තිබෙන එකත් නැතිවෙයි.
අපේ රටේ වැරදි හැරවුම් ලක්ෂ්‍ය බොහෝ ගණනකට රනිල් සම්බන්ධයි. 1. 2003 SB වැනි අය බිලීබාගෙන චන්ද්‍රිකා ගේ රජය පෙරලා දැමීම. 2. 2010 දී ෆොන්සේකා තරගයට දැමීම 3. 2015 දී සිරිසේන තරගයට දැමීම 4. 2022 දී වර්තමාන නාටකය 5. එක්සත් ජාතික පක්ෂයේ ස්වභාවික නායකත්ව වරණය අහිමි කිරීම. නිසි කලට සජිත්ට නායකත්වය දුන්නේ නම් මේ වනවිට සජිත්ද අහෝසි වී වෙනෙකකු බිහිවී හමාරය. මෙය නොනවත්වා ගලා යායුතු සංසිද්ධියකි.
විකාර... මහ අලියාව පොහොට්ටුවට අරගෙන මහ අලියා ඒ බව දන්නෙත් නැහැ...
Elders in the village too hate Ranil but UNP !
කොහෙද පොහොට්ටුවේ ප්‍රබලයෝ... ඉන්නේ හොර දූෂිතයෝ මිසක්..? රටම හොරාකාලා කාබාසිනියා කෙරුවා.. ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ පොහොට්ටුවේ අය කරපු මහාපරිමාණ, හොරකම්, වන්චා, දූෂණ නිසා...
මේ අයටනම් රටට හෙණ ගැහුවොත් කමක් නැහැ.. තමන්ගේ මඩිය විතරයි බලන්නේ...!