(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.
වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.
දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදෙන බවද දන්වා සිටී ලෙස නිවැරදි විය යුතුයි.
එළදෙනක් දූෂණය කරපු තංගල්ලෙ පොහොට්ටුවේ මංත්‍රීට මේ පාර නොමිනේෂන් නැද්ද එතකොට..
මේ හදන්නේ තවත් උලාකන්ඩ. වරෙල්ලකෝ...
තුහ් නොදකින් මේ නෙලුම් පොහොට්ටුව දකිද්දී වමනෙට එනවා
රට බංකොලොත් කරලා පරවෙන පොහොට්ටුව
ගෙවල් වලට චන්ඩෙ හිගාකාගෙන එනකල් බලන් ඉන්නෙ.... මුන් ඇතුලු ඔක්කොම එකයි.. කාලකන්නි..රට කෑව.....
පලමුව පොහොට්ටුවෙ නායකයො අදර්ශශමත්වෙන්න
මේකෙන් ඉල්ලන අයට ඇපත් නැත.
පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන පුද්ගලයෝ පාරට බහින්න ඉස්සර බොඩි ගාඩ් කිහිප දෙනකු සොයාගත යුතුය.
මහජනතාව අතරට ගොස් ඡන්දය අයැද සිටීමට හැකි අයව ඉදිරිපත් කරන්න.
අපෝ ජරා පොහොට්ටුව ඒ පාර ලංකාවෙන්ම අතු ගෑවිලා යනවා.
අපේ නෝනලා ඔයාලව සාදරයෙන් පිළිගන්න ඉදලත් ලැහැස්ති කරගෙනයි ඉන්නේ.
පොහොට්ටුවෙන් ඉල්ලන්න අය නළල දෙපැතෙන් පොහොට්ටු දෙකක් අලවගන්න.
තෝරාගනිල්ලා, ඒත් ඡන්දේ ඉල්ලාගෙන නම් එක පොහොට්ටු කාරයෙක්වත් ගෙවල්වලට එන්න එපා.
පොහොට්ටුවට කතිරෙ ගසා කපුටු සහෝදර සමාගම දිනවා , අපේ රට ඉතියෝපියාවක් කරමු,