(ආරියරත්නර රණබාහු)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස සිටි අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට රාජ්‍ය අමත්‍ය ඉන්දීය අනුරුද්ධ මහතා ද අනුරාධපුර සංවිධායක සිටි එස් .එම් චන්ද්‍රසේන මහතා වෙනුවට නාමල් රාජපක්ෂ මහතා ද ගාල්ල සංවිධායක සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙනුවට මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද මාතර සංවිධායක සිටි කංචන විජේසේකර මහතා වෙනුවට නිපුණ රණවක මහතා පත් කර තිබේ .
පක්ෂයේ තිරණයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රකාශ කෙරේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාව එහාට මෙහාට ඇද්දත් පොහොට්ටුවේ ධම්මිකවත් , රනිල්වත්, සජිත්වත් ජනාධිපති කරන්න රටේ චන්දදායකයින් දැන් මෝඩ නැහැ. ජනතාවට අවශ්‍ය නව වෙනස අනිවාර්යයෙන්ම ලබාදී, රට වැටිඅති ආගාධයෙන් ගොඩගැනීමට හැකි එකම පක්ෂය ජාතිකජනබලවේගය පමණයි. මාලිමාවට ජයවේවා !!!
වැඩ්ඩන්ට උලත් එකයි පිලත් එකයි උන්නැහේ මාතරට රාජපක්ෂ පවුලේ නංගිගෙ කොලුවා පත්කර තියෙනවා .අනුරාධපුර සදහා නෑමොලේ පත්කර තියෙන්නෙ. හම්බන්තොට ජනතාවගේ කැමැත්ත ජරාපස්සලාට ක්‍රමයෙන් අහිමි වෙන නිසා වෙන්න ඇති. කොහොම හරි පැරචුට් ක්‍රමයට පැමිණෙන පිරිස් වලින් ප්‍රදේශයට යහපතක් නැහැ කියලා නුවනැති ජජනතාවට මතක් කරන්න ඕන. රටේ ඊළඟ ජනාධිපති උතුරු මැදින් කියලා මතයක් නිසා නෑමොළේ පනින්න ඇති .ඒත් එතරම් ඔහුට සැලකීමක් කරන්න අනුරාධපුර ජනතාව මෝඩයෝ නොවෙයි කියලා හිතෙනවා. ඉතින් පවුල් වාදය තවදුරටත් ගෙන යාමට සමස්ථ රටේ ජනතාවගේ කැමැත්තක් නැහැ කියලා ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ අවස්ථාවල පැහැදිලි වේවි
පොහොට්ටු දීගේ තියෙද්දී අලි එක්කත් දීග කන්න ගියාම ඉතින් ඔහොම වෙනවා. කට්ටිය හිතන් හිටියේ එක ගෙයි කන්න වෙන්න ඇති...!
පොහොට්ටුවේ උන්ගේ ඔලු ගෙඩි එහෙට මෙහෙට කෙරුවා කියලා වැඩක් වෙන එකක් නැහැ .ඉන්නේ හොර දූෂිතයෝ කියලා රටම දන්නවා .