(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූවේ යැයි එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පැවසීය.
පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර තිබීම නිසා ඡන්දයකදී ජනතාව ඉදිරියට යෑමට කිසිඳු බයක් නොමැති බවත් ඡන්ය සූදානම් කර තිබියදී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳව අවධානය යොමු කර තීන්දු ගැනීම වැලැක්විය නොහැකි නිසා ඡන්දයකට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙස ඉල්ලා සිටි බවත් කාරියවසම් මහතා කීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාලයේ පළාත් පාලන ආයතනවලට සේවයින් බඳවාගැනීම ඇතුළු අත්හිටුවීමවලට සහ අත්හිටුවා ඇති පොදු සේවා නැවත ආරම්භ කිරීමට මෙහිදී ජනාධිපතිවරයාගෙන් විසඳුම් ඉල්ලා සිටි බවත් ඡන්දයකදී පළාත් පාලන ආයතනවලින් පරිබාහිර කටයුතුවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හානියක් වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටි බවත් ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාව පිළිබඳව කළ විමසුමකදී එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ කියන්නෙ කොහෙන් හරි නය වෙලා විදුලියයි කෑමයි ගෙනත්දීල චන්දෙ පවත්වමු කියලානේද? මෙතුමාගෙ කතවෙත් බලාගෙන ගියාම වැරද්දක් නැහැ ටකර්න් කෑල්ලකට කක්කුස්සි පොච්චියකට සිල් රෙද්දකට චන්‌දෙ දෙන මනුස්සයො ඉන්න අපේරටේ පැය 24 විඩුලිය දීලා කොහෙ හරි ඉන්න අහින්සක මුස්ලිම් මිනිහකුට අල්ලගෙන තඩි බාපු ගමන් පොහොට්ටුව දිනුම්.
මෙයාගේ පස්ස රත්වෙන්න පටන් අරගෙන වගේ .හැබැයි කටේ සෞදම නම් ඉවරයක් නෑ .රටේ විදුලි කප්පාදු ,ඉන්ධන හිඟ ,ආහාර හිඟ ඇති කලේ කවුද කියලා කවුරු හරි මෙයාට කියලා දෙනවද ප්ලීස්?පොහොට්ටු නරියන්ට චන්ද ඉල්ලන්න සුදුසු වාතාවරණයක් හැදෙනකල් අපි බලන් ඉන්න අපිට අහවල් අමාරුවක් තියනවා කියලද හිතන් ඉන්නේ?
මෙයා බීලද කුඩු ගහලද ඉන්නෙ
මොකක්ද බන් මු මෙ කියන්නෙ. ගමට වැඩ කරලලු එත් විදුලිය ගෑස් නෑලු . පිස්සු යක්කු.
ලැජ්ජාවක් නැතිව තවමත් ඡන්දෙ බලාපොරොත්තු වෙන හැටි? කෑම බඩු ටික ගන්න අමාරුයි. බෙහෙත් ටික ගන්න විදිහක් නෑ. ළමයින්ට පොත් අරන් දෙන්න විදිහක් නැහැ. තව ඡන්දෙ දීලා මෙයාලට සැප විඳින්න අවස්ථාවක් දෙන්න කියලද කියන්නේ...
විරිත්තිල්ලේ කෙළවරක් නැහැ. මේ පොහොට්ටුව බලයට ආ දවසේ සිට මේ රටට වගතුවක් නැහැ...
ඔය කියන වාතාවරණය මේ ආත්මයේ එන එකක් නැහැ. පොහොට්ටු කාරයින්ට ගමටවත් එන්න බැරි තත්ත්වයක් තියෙන්නේ...?
අලි පොහොට්ටු සංධානයට අනිවාර්යයෙන් අන්ත පරාජයක්... ලැජ්ජා නැතිව ගෙවල්වලට ඇවිත් ඡන්දය ඉල්ලන්න පුළුවන්ද?
දැන් පොහොට්ටු කුක්කන්ට විතරක් නෙවෙයි, යූ.ඇන්.පී. ගෙවලයින්ටත් ඡන්දෙ ඉල්ලාගෙන ගමේ ගෙවල්වලට ගියොත් කන්න වෙන්නේ කොහු ඉදල් වලින්... ඒකේ දෙකක් නෑ...
අලි පොහොට්ටුකාරයින්ට මේ පාර යන්න වෙන්නේ හොම්බෙන් තමයි. පොහොට්ටුකාරයින් ගමට ගියොත් කන්න වෙන්නේ කොසු පාර තමයි හලෝ.
You have to wait till 2049, As per president.
එන්න එන්න ආර්ථික තත්වය දරුණු වෙනවා මිසක් හොඳක් වෙන පාටක් නොමැත .පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පොහොට්ටුවට මේ ප්‍රශ්නයට විසඳුම් නොමැති නම් නැවත චන්දේ දීලා ඔවුන්ව පත්කරගැනීමේ තේරුමක් නොමැති බව පොඩි දරුවෙකුට උනත් තේරෙනවා
ඡන්ය සූදානම් කර තිබියදී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිඟයක් පැවතිය හොත් ජනතාව ඒවා පිළිබඳව අවධානය යොමු කර තීන්දු ගැනීම වැලැක්විය නොහැකි නිසා.......... දැනටමත් ජනතාව තීන්දු කරලා ඉවරයි 225 ම ගෙදර යවන්න. විදුලිය, ගෑස්, මොනවා දුන්නත් පොහොට්ටුවයි, අලියි මේ පාර ගෙදර.