
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9990 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබුවා. පොහොට්ටු පක්‍ෂයේ නායකයන් ඒ චෝදනාව ජනගත කළා. ජනතාව එය පිළිගත්තා. 2019 මහ මැතිවරණයෙන් එජාපයේ අන්ත පරාජයට ප්‍රධාන සාධකය වුණේ එය යැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ඉදිරි ජනපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙනියාය කොටපොළ ගල්දොලදී පැවැති ජන හමුවක් අමතිමින්
එහිදී අදහස් දැක් වූ කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙසේ ද කීය.
මහ බැංකු හොරා ලෙස පොහොට්ටුවේ පිරිස එදා චෝදනා කළ රනිල් මහත්තය පසුව පාර්ලිමේන්තුවේ ඡන්ද 134 න් ජනාධිපති කළා. දැන් එය පොහොට්ටු පක්ෂයට පාරාවළල්ලක් වෙලා . පක්‍ෂය සුනුවිසුනු වෙලා ."
අද වන විට පොහොට්ටුවේ සාමාජිකයන්ට යන එන මං නෑ. ප්‍රතිපත්තිගරුක දේශපාලනය නැති තැන සිදුවන්නේ විනාශයක්. ඒ අයට ලජ්ජා බයක් නෑ .
අපට මේ අප්‍රසන්න ජරාජීර්ණ දේශපාලනය වෙනස් කරන්න කාලය ඇවිත්. එය කරන්න පුළුවන් එකම නායකයා ලෙස බහුතර පොදු ජනයා විශ්වාසය තබා ඇති සජිත් ප්‍රේමදාස මහතායි . ඔහු දුෂණයෙන් තොර සංවේදී නායකයෙක් . අපි ඔහුට ඉදිරි ජනාධිපතිවරණයෙන් රට බාර දෙමු . දෙනියාය සජබ සංවිධායක කේ .ටි .මහින්දරත්න කතා ඇතුළු කිහිප දෙනෙක් කතා කළහ .
මෙම අවස්ථාවේදී දෙනියාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් මහතා සජබ යට සහාය පළකිරීමට එක් වීම විශේෂ සිද්ධියක් විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරසිරි හෙට්ටිගේ ඇතුළු පිරිස ගණන් ගන්න එපා.. පොහොට්ටුවට වෙච්චි දේ. සජබ කියන්නේ යූඑන්පී එක සුනුවිසුනු කරලා හදපු පක්ෂයක්. ඔයාලාට හොඳ නම් එයාලාටත් හොඳයි. ඒ නිසා සද්ද නැතුව ඉන්න. නැත්නම් ඔයාලාගේ පරණ කුණුත් මේ වගේ එළියට එයි...
සුද්දවන්තයෝ වගේ කතා කෙරුවාට ඔය කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....
මහින්දගෙන් හම්බ කරගත්තේම නැහැ එහෙනම්...!
ඔව්නේ සුද්දවන්ත රතු අලි පැටියා දැනටම චීනෙන්, ඉන්දියාවෙන් මුදල්වලින් රට ගිය බව ඔහුම කියා ඇත. ඕවාට තමයි පගා කියන්නේ. ඔන්න සුපිරි සුදනෝ, රනිල් වගේ...
පොහොට්ටුව විතරක් නෙවෙයි ඔවුන්ව බලේට ගෙනාපු ජේවීපී එකටත් එහෙම වෙලා. 87-89 කාලේ අහිංසකයන්ගේ බෙලි කපලා වැටේ ගහපු පාපකර්ම ආපස්සට කැරකිලා ඇවිල්ලා අද වෙනකන් කිසි වගතුවක් නැති වෙලා
අමතක කරමු පැරණි කතා... එකවෙමු ජාතික දියුණුව පතා