(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද(11) ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්රමිකව අවශ්‍ය වුණේ ශ්රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.
සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතියක් වුවද පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා පත් යැවීම සදාචාරසම්පන්න නොවන්නේ යැයි ද ඔහු කීය.
සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී හෙතෙම බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන් ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද අවධාරණය කර කීය.
එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා යන දේශපාලකයන් ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ද දිගින් දිගටම කටයුතු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වමින් යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය.
කවරෙකු පක්ෂය පාවා දුන්නත් පක්ෂ සංවිධායකවරුන් 160 ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100 ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි කී මහලේකම්වරයා ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන්නේ යැයි ද ඉන් පසුවත් පක්ෂයට නායකත්වය දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, ඔබතුමාට හිතෙන්නේ නැද්ද මෛත්‍රී තමන් දිනවපු පක්ෂයත් එක්ක එකට වැඩකරලා රටට සේවයක් කරලා ඒ කලින් සන්ධානයෙන්ම තරඟ කළා නම් නිකන්ම දිනනවා කියලා. මොන පක්ෂෙද ප්‍රශ්න නැත්තේ? දැන් එයාට අල්ලපු වත්තත් නැහැ.. පය ගහපු වත්තත් නැහැ. අන්තිමට එයාට පල්ලෙවත්ත විතරයි.
ඔයාලා තමයි ශ්‍රී.ල.නි.ප. කාලාම දැම්මේ... තවත් විකාර කියවනවා.
අනේද කියන්නේ? දැන් ඔය පොහොට්ටුවේ සභාපති වෙලා ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නේද? "ද්විත්ව පුරවැසි භාවය" වගේ "ද්විත්ව පක්ෂ සාමාජිකත්වය" කියලා දෙයකුත් ඔබතුමා දැන් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවද? නුගේගොඩ පැවතුණු "මහින්ද සුළඟ" රැස්වීමේ පටන් පොහොට්ටුවේ සියලුම රැස්වීම් සහ වැඩ කටයුතුවලට මහින්ද ඇතුළුව එක එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් සහභාගී වෙද්දී ඔබතුමාලා කීවා නේද අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන සියලුම දෙනාට තරාතිරම නොබලා විනය නීති ක්‍රියාත්මක කරනවා කියලා. අද චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කියනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදෙයක් ඉතුරු වෙලා නැහැ කියලා. මම දැක්ක තවත් වාර්තාවක එජාපයෙන් හරි අපේක්ෂකයා තෝරා ගත්තොත් ඔබත් ආපහු එතෙන්ට යන්නත් ඉඩ තියෙනවා කියලා. සුගතදාස ක්‍රීඩාංගණයට කවදත් පොහොට්ටුවේ හිටිය පිරිස ගාල්කරලා උජාරුවට කලේ "රාජපක්ෂ පවුලේ සම්මේලනයක්" කියලයි සමහරු කියන්නේ. කෙසේ වෙතත් දැන් ගෝඨාභය තරඟයට අවතීරණය වෙලා නිසා සිරිසේන ජනාධිපති වරයාගේ සහයෝගයත් ගෝඨාභයට දෙන බව අද, හෙටම ප්‍රකාශ කිරීමට නියමිත බව තවත් තැනක වාර්තාවේ තියෙනවා දැක්කා.
මෙයා මොනවද දොඩවන්නේ? අමු කාලද? වෙන්නේ දැන් නැට්ට අස්සේ ගහගන්න තමයි තියන්නේ.
ඇයි ඡන්දෙදී මුක්කුවක් ගහලා කොහොම හරි ඇමතිකම් ටිකකුත් අරගෙන පනිෂ්මන්ට්වලින් බේරෙන්න පුළුවන් විදියක් ගැන කතාකරන්න පුළුවන්නේ..
එතකොට යූඑන්පී ආණ්ඩුවට මුක්කු ගැහුවේ යූඑන්පී එකත් එක්ක සාකච්ඡා කරලද නැත්තං තමුන්ලගේ තනි කැමැත්තටද? රටේ මිනිස්සු සංධානයට ඡන්දය දුන්නේ යූඑන්පී එකත් එක්ක ආණ්ඩු කරන්න නෙමෙයි.. එතකොට ඔහේට පාක්ෂිකයා මතක් වුනේ නැද්ද? මේ වගේ තීරණාත්මක වෙලාවක බොරුවට බයිලා නොගහා එක්කෝ උදව් කරනවා. බැරිනම් කැමති තැනකට හේත්තු වෙලා ඉන්නවා.
පොහොට්ටුවෙන් ඇමතිකම් ගන්න කට්ටිය සෙට් වෙලා ඉවරයි. දැන් ගියොත් අඩු ගානේ පළාත් සභා මන්ත්‍රීකමක්වත් දේවි. තවත් පරක්කු වෙන්න එපා...
මහින්දට පක්ෂයෙන් වැඩක් නැහැ.. එයාට නායකකම ලැබුණොත් ඇති. එයා කන්කානම් වගේ වැඩ කරන්න කැමති නැහැ. ප්‍රධාන දේ, නාමල් බේබිට තැනක් හදාගන්න අමාරුයි. මහින්දගේ පොහොට්ටුවේ නායක කම නාමල් බේබිට දෙන්න පුළුවන්. ඡන්දයකින් තොරව පොහොට්ටුවේ ඉන්නේ නොම්මර එකේ ගොන්රැලක්. මහින්දට දවල් තරු පේන්නේ නාමල්ට නායකකම බාරදුන් පසුවයි.
ඔබ මොනවා කියනවා දැයි අපට නොතේරේ. හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වූ මා බණ්ඩාරනායක යුගයේ සිට එම පක්ෂයට ලැදියාවක් දක්වපු කෙනෙක්. හොඳ කොන්දක් තිබුණු පක්ෂය වරක් අටට බැස්සත් කාටවත් වහල් වුනේ නැහැ. එහෙත් කකුලෙන් ඇදීමේ ප්‍රතිඵලයක් නිසා 2015දී පසුබෑවා. එදා හොඳ හයියක් තිබුණු ඔබ එජාපයේ අසුචි වලේ නැගලා පක්ෂයේ තිබුණු නම්බුකාරකම විනාශ කළා.. එදා ඇමැතිකම් වලට ලෝභකමෙන් එහි එල්ලුණු ඔබනිසා නියම පාක්ෂිකයින් අමාරුවේ වැටුණා. එදා ඔබලාට බන්දේසියේ තියලා දුන්නේ හොඳ පක්ෂයක් බව අමතක කරන්න එපා. එහෙත් අනුන්ගේ අගුපිල්වල ලැග්ගේ ඔබ මිස මහින්ද නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්දට තීරණයක් ගන්න වූ බව ඔබ හොඳින්ම දන්නවනේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලක් සහිත ගොඩනැගිල්ලකට සීමා කළා විතරක් නොවෙයි ජනතාවත් අතරමං කළා. වෛරී සිතින් කටයුතු නොකර රැකෙන්න බලන්න. විනයානුකූලව කටයුතු කරනවා නම් ඉස්සරවෙලාම කටයුතු කරන්න ඕනෑ ඔබට විරුද්ධවයි. ඉවසීමෙන් කටයුතු කළොත් ජනතාවත් ගොඩ..., ඔබත් ගොඩ. නැත්නම් ඔක්කොබ වලේ බව අමතක කරන්න එපා. ගොඩඒමට ඇති එකම අවස්ථාව මෙය බව අමතක කරන්න එපා...
ඔයා හිතන් ඉන්නේ අපි බබ්බු කියලද? ඉස්සෙල්ලම ලොක්කට විනය ක්‍රියාමාර්ගක් ගන්න බලමු.
මේ වගේ අයට මෙහෙම වෙලා මදී.
ඉන්න හොරු රැල එලවා දැමිය යුතුමයි. හැබැයි ඒ වෙනුවට පරණ හොරු රැල ගේනවා කියන්නේ කබලෙන් ලිපට වැටීමක් කියන එක තේරුම් ගන්න තරම් අපේ මිනිස්සු දියුණු නැහැ.
"තේරුනේ දැන් තමයි"ජෝතිපාල
පොහොට්ටු කට්ටියත් දැන් කියන්නේ ඔය කියපු දේම වෙන්නත් බැරි නැහැ. ඔය ගොඩක් උද යන අය වැටෙයි කියලයි මගේ අදහස. කරුණාකර හරියට මොලේ පාවිච්චි කරන්න. ස්තුතියි.
සර් තරමට වඩා ඉදිමෙන්න එපා.
කෙසේ කිවත් මහජනයා හොදටේම තෙහෙට්ටු වෙලා ඉන්නේ. හැම කෙනාම හිතන්න ඕනි රට, ජාතිය ,ආගම සහ රටේ ආරක්ෂාව.. දැනට ඉන්න කිසිම පාලකයෙක් එයට සුදුසුයි කියල කියන්න බැහැ,
දැන් මොන දේශපාලනේද මහත්තයෝ.. සින්දුවක් කියාගෙන ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න.
දන්නේ නැති නිසා අහන්නේ, ගෝඨාභයට ලංකාවේ ඡන්දය තියෙනවද? බැරිවෙලාවත් ඡන්දය නැතිනම් විමලේ 2010 පොන්සේකාට කිව්වා වගේ මොනවා කියාවිද දන්නේ නැහැ නේද?
දැන් කතාකරලා සිරිසේන ජනාධිපතිට කෘෂිකර්ම ඇමතිකම හරි ඉල්ලගන්න...
කයිවාරු ගහන්නේ නැතුව පොහොට්ටුව පැන්න අය පක්ෂෙන් අස් කරලා ඉන්නකෝ ඉස්සරවෙලා.
අපේ රටේ මිනිස්සු කවදා මේ නරාවල වෙනස්කරන්න ඕන කියල තේරුම් ගනීවිද මන්දා
මහලේකම්තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙනවනේ.. එතකොට මන්ත්‍රීකමයි, විරුද්ධ පක්ෂේ නායකකමයි... අහෝසි වෙනවා නේද?
මහලේකම්තුමනි, සිරිසේන ජනාධිපතිතුමාට 2020 ජනාධිපති අපේක්ෂකත්වයට මොකද වෙන්නේ?
අනේ පොහොට්ටුවෝ.. සර් ටයි සර්ගේ ලොක්කටයි යන එන මන් නැති කළා නොවේද? ගමයා පොහොට්ටුවේ නැට්ට අල්ලා ගත්තේ පරණ ගමය කොටි වලිගේ අල්ලා ගත්තා වගේ... මේ සැරේ ගමයා බේරගන්න නරියෙක් නම් නැතිවෙයි.
Ramendra ගෝඨාභයට මෙහෙ ඡන්දෙ නැහැ... එ්ක ස්ථිරයි. පුරවැසිකම අයින් කරගෙනත් දින ගන්නනේ...
ඔබතුමා ඔබතුමාගේ පාර්ලිමේන්තු නියෝජන කාලයෙන් 85%ක් විතර ගෙවලා තිබෙන්නේ විපක්ෂ මන්ත්‍රී කෙනෙකු ලෙසටයි. එමනිසා ඉදිරියටත් විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකිය. ඔබතුමා පනින පනින පැත්ත පරදවෙලා විපක්ෂෙට වැටෙනවා. ඔබතුමා නිකම්ම විපක්ෂෙට වැටෙනවා. අනිත් එකෙන් තිස්ස අත්තනායක මන්ත්‍රීතුමා... එතුමා මහලේකම් කම ගන්න පැත්ත නිතරම පරාදයි..
අනේ පොඩි ගමරාල මහත්මයෝ,.. ඔක්කොම වැරැද්ද ලොකු ගමරාලගේ... මුලින්ම තමන්ගේ කුඹුරේ මුල්ලක කෘමින් ටික දෙනෙක් ඉඳගෙන ගොයම් විනාශ කරනකොට එ්කට බෙහෙත් ටිකක් ගහලා හෝ වෙනයම් ක්‍රමයකින් ඔවුන්ව වඳ කරන්නේ නැතුව, බොරුවට කියව කියවා ඉඳලා දැන් උන් මුළු කුඹුරම කාලා.. දැන් කරන්න තිබෙන එකම දෙය දෙන්නත් එක්ක කොහේ හරි කුඹුරක කුලී වැඩට යන එකයි.