
(සුජිත් හේවාජුලිගේ)
කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් හෙයින් මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක් බව පැවසූ ලේකම්වරයා මෙය කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නක් බවට බොහෝ දෙනෙකුට සැක මතුවී ඇතැයිද පැවසුවේය.
මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවද සඳහන් කළේය.
මේ අය මෙලෙස කටයුතු කරන්නේ කාගේ වුවමනාවට දැයි බරපතළ ප්‍රශ්නයක් සහ සැකයක් මතුවන බවද මන්ත්‍රීවරයා කීවේය.
එසේම මෙම ගිවිසුම අනිවාර්යෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී ස්ථිරසාර ලෙස පැවසුවේ යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව කලත් වැඩක් නෑ. කැබිනට් ඇමතිවරුම පිලිගත්ත මේ තමා මෙතෙක් තිබූ දූෂිතම ආණ්ඩුව කියල. හොරකම පමණයි. වෙනස උගත් හොරුවීම විතරයි.
මෙයා කට ඇරියොත් කියන්නේ මෙහෙම කතාවක් තමයි.
නාටකයේ දෙවැනි රංගනය මේක.
එතකොට ලොකුගේ ටීවී එකට ඇවිත් මොකක් ද කියන්නෙ?
ඔහොම කියලා 20 සම්මත කරගත්තා... අද පාස්කු ප්‍රහාරයට මොකද වුණේ...? නැවතත් මහ බැංකුව පිටරට පුරවැසිභාවය තියන කෙනෙක්ට දුන්නා. හොරා කාලා පැන්නොත් කොහොමද අල්ලන්නේ... ? අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වනවලු... විහිළු තමයි.
එතකොට ලොකුගේ මොනවද කිව්වේ? අර රෑ මැදියමේ අත්සන් කරපු එකක් ගැන. අනික සාගර කෑගහන්නේ යමිකිසි විදිහකින් රටට බලපාන ප්‍රශ්නයක් ගැන දේශපාලන පක්ෂ නායකයින් කොටසක් ප්‍රශ්න කරන එක ගැන විතරයි. ඒ ප්‍රශ්න කිරීම නිසා ලෝකයා ඉදිරියේ අපේ රටට නින්දාව හෝ හානිකර ප්‍රතිඵල එන්නේ නෑ. ලොහාන් රත්වත්තේ කරපු දෙය මුළු රටටම භයානක ප්‍රතිඵල එන දෙයක්... නමුත් මීක් ගාලා සද්ද නැතුව ගියා. සාගර බුරන්න දන්නේ රටට වැදගත් ප්‍රශ්නයක් කතා කරන අයට විතරයි. ඡන්දයක් වත් ඉල්ලන්නේ නැතිව පිනට ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු මේ සාගර නිසා පොහොට්ටුවට එන පාර විශාල ඡන්ද ප්‍රමාණයක් අඩුවෙන එක ෂුවර්... මොකද මෙයාට ඕනෑ රටට හොඳක් කරන්න නෙවෙයි. පක්ෂයට සහ අලුත් මන්ත්‍රීවරුන්ට (තමාත් ඇතුළුව) සේවයක් කරගන්න විතරයි. එහෙම නම් පාර්ලිමේන්තු එන්නේ නැතිව අර ටිල්වින් සිල්වා වගේ නියම විදිහට පක්ෂයේ ලේකම්කම කරන්න...
බැසිල් සර්ගේ නාට්‍ය පිටපතක තවත් එක් ජවනිකාවක්.
සාමුහික වගකීම ගාගෙන රට අමාරුවේ දමන්න දෙන්න බැහැ.
සන්ධානේ මහ ලේකම්... සන්ධානය කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ.
ඔන්න මෙයාගේ කටින්ම ආව. මුලික එකඟතාවකට ආවයි කියලා. එක්කෝ මේ වෙනවිට වැඩේ වෙලා, නැත් නම් වැඩේ වෙනවාමයි.
මහා ජනතා විරෝධයක් එන්න ඉස්සෙල්ලා ආණ්ඩුව වහාම ඉල්ලා අස් වෙන්න
මේ නාටකය කරන්නේ චීනාගේ ගූ පොහොර නව රට ඇතුලට ගන්නකම් විතරයි
මේ කට්ටියද සහ අර කට්ටියද හොඳ? වගුවක් ගහලා තම විෂය ක්ෂේත්‍රය, හදාරා ඇති ඩිප්ලෝමා, උපාධි, අතීතයේ කළ රැකියා, බඩු බෙදීම හැර මහජනයාට කර ඇති සේවය යනාදිය බැලුවොත් මේ කට්ටිය නාට්‍ය ක්ෂේත්‍රයට පමණක් සුදුසු වෙයිද දන්නේ නෑ. හරි ආඩම්බරයි... මේ හැකියාව ගැන.