අජන්ත කුමාර අගලකඩ-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ආණ්ඩුවට එක්ව කැබිනට් සහ රාජ අමාත්‍යධූර දරන කිහිප දෙනකු එහි මූලිකත්වය ගෙන සිටින බව ද ආරංචිමාර්ග වලින් පැවසේ.
දැනට තනතුරු නොමැතිව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සම්බන්ධ වීමේ සූදානමක සිටින බව වාර්තා වේ.
ඊළඟ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමග සෘජුව සම්බන්ධ නොවී වෙන ම කණ්ඩායමක් ලෙස එජාපය සමග සන්ධානගත වීමේ අරමුණෙන් මෙම පිරිස වෙනමසංවිධානය වීමේ සූදානමක සිටින බවද දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම මෙන්ම,අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද මේ වන විට වෙනම කණ්ඩායම් ලෙස කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා මොන තොප්පි දාගෙන ආවත් ගමට එන්න එපා... පණට ආදරයක් තියෙනවා නම්..
වාරෙන් වාරෙට එහාට පනින, මෙහාට පනින මේ සියලුම දෙනාගේ ඒකායන පරමාර්ථය තමන්ගේ බඩ වඩාගැනීම මිස රටට සේවයක් කිරීම නොවන බව මේ මිනිස්සු කරන කියන දේවල් ගැන අපක්ෂපාතීව සිතා බැලුවොත් ඕනෑම කෙනෙකුට තේරුම් යනවා සහතිකයි...!
හෙන ගහන්න ඕනේ...!
අන්තිමට හැම බෝතලයකම තියෙන්නේ පරණ කසිප්පුම තමයි.
මොවුන් වගේ මැට්ටන් ලෝකේ තවත් ඉන්නවාද? දැන් හම්බ සෙට් එකයි, දෙමල්ලු සෙට් එකයි මීක් කියනවාද? නැහැ. ඔවුන් දන්නවා නුඹලා කැකුණ තලනකොට මගුල් අපිටයි කියලා...!
ඔවුන් මේ මුලපුරන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන්ම වලපල්ලට යන ගමනකටයි...
ඇයි එහෙම ගිහින් වෙනම පක්ෂයක් හදාගෙන එන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඡන්ද අරගෙන රටට සේවයක් කරන්නද? නැහැනේ, හොරකම් කරන්නනේ...
පොහොට්ටුවට ගෑවිච්ච එකෙකුට ආපහු එන්න දෙන්නත් එපා. විශ්වාස කරන්නත් එපා. රෑ වැටිච්ච වලට දවල් ගිහින් පනින්න තරම් අවාසනා වන්තයෝ නොවෙමු.