
(අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම අපේක්ෂකයාට ජනතාව මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදීව සැලකිය යුතු බවද රණවක මහතා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ මොහොතේ තවදුරටත් රාජපක්ෂ පවුලට ගැතිකම් කරමින් සිටිනවා දැයි දෙවරක් සිතා බැලිය යුතු බව ද රණවක මහතා සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණේ පන්නිපිටිය ඇරැව්වල ජනහමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
COMMENTS
අඩුම ගානේ අවලංගු චන්දයක් වත් පොහොට්ටු අපේක්ෂකයාට දෙන්න එපා
මෙයාටත් දැන් කැත නැතුව ගිහින් රනිල්ට සෙට් වෙන්න පුළුවන්.
දැන් මේ මන්ත්‍රීවරු ජනතාවගේ නියෝජිතයෝ නෙමෙයිද ?
මේ මනුස්සයට මිනිස්සුන්ගෙන් මනාප නෑ.
එතකොට ඔයාට සලකන්න ඕන කොහොමද ?
රනිල් තමා සැබෑ පොහොට්ටු අපේක්ෂකයා . පොහොට්ටු ඇමතිලා රොත්තම රනිල් වටේ ඉන්දැද්දි රනිල් කොහොමද ස්වාධීන වෙන්නෙ. නමට පොහොට්ටුවේ 10-12 ඉතුරු වෙලා ඉන්නෙ ඊළග පාර විපක්ෂ නායකකම ගන්න හිතාගෙන. ඒත් මේ පාර ඒවා හරියන්නෙ නෑ.
හීන ලොකේ ජිවත් වෙන බවත් පේනවා
රට බංකොළොත් කිරීමට ඔබත් දායක වුණා නේද 2015 යහපාලන ආණ්ඩුව ගැනත්...?