
(ප්‍රසාද් රුක්මල් )
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිට ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට ඉහල තේ වත්තේ පිහිටි පස්කන්දක් ගල්පර්වත කඩා වැටී ඇති බවත් මේ නිසාවෙන් දැනට රථ වාහන පිටමාරුව කෙටි මාර්ගය හරහා ධාවනය වන බවද පොලිසිය සදහන් කළේය .
එම මාර්ගයේ බරවාහන ගමන් කිරිම අනතුරුදායක බවද පොලිසිය පැවසීය .
පවතින වර්ෂාවත් සමඟ තවදුරටත් මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙ අවධානමක් තිබෙන බවත් , මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමට කටයුතු සිදු කරන බව මහියංගණ පලාත් මාර්ග ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි