
( රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම හෝටලේ සුපිරි වෙලදසැලක කලමණාකරුවෙකු වශයෙන් කටයුතු කළ තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති (47) හැවිරිදි ගම්පොල දොලොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙකි.
එම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් (28) දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව එම සාදයට සහභාගි වු සේවකයින් විසින් කළමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැදවාගෙන ගොස් ඇරලවා ඇත.
කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා අද (29) දින අලුයම 1.45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.
ජිවිතක්ෂයට පත් කලමණාකරවරයාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මරණයක්... දරු පවුලට තමයි පාඩුව... නිවන් සැප ලැබේවා..!!!
අධික බීමත්කම නිසා දරු පවුලක් අනාථයි...