(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.
උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත් කිසිවෙකු අසාධ්‍ය තත්වයේ පසුනොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
දරුවන් 1990 ගිලන් රථ සේවයේ නිකවැරටිය සහ වාරියපොළ ගිලන් රථවලින් රෝහල කරා ගෙනවිත් තිබිණ.
මෙම විද්‍යාලයේ සිසුන් 300 ක් පමණ දෙනාට අද දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණද 5 වසර පංතියේ සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුව ඇත.
මීට පෙර සිටම මෙම විද්‍යාලයේ සිසුන්ට කිරි පැකට් ලබාදී ඇතත් අද වෙනත් වර්ගයක කිරි පැකට් ලබාදී ඇතැයිද සිසු දරුවෙකුගේ මවක් පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම ගියපාර මැයි රැලියට දීපු ජාතියේ කිරි පැකට් වෙන්නැති...
සමහර කඩවල හරියට ශීතකරණ නිතරම ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් නෑ. ඉතින් නරක් උන ඒවා බීලා බඩේ අමාරුව හැදුනම පස්සේ හොඳ ඒවා බීවත් ඒ ලෙඩේ හැදෙනවා.
ඉහතින් ධම්මික දක්වා ඇති අදහස ඇත්ත. බොහෝ වෙළන්දන් විදුලි බිල අවම කර ගැනීමට ශීතකරණ සැමවිටම නිසි පරිදි ක්‍රියාත්මක කරලා තියෙන්නෙත් නෑ. ලංකාවට හරි යන්නේ පිටි කිරි පමණයි.
බලපල්ලා N.T.J. මුස්ලිම් කඩයකින්ද දන්නෑ... සප්ලයි කරලා තියෙන්නේ..?
තම තමන්ගේ වගකින් නිසිලෙස ඉටු කරන්නේනම් මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදු නොවෙන බවනම් කිව යුතුය වැරදි කරුවන් අල්ලා තරාතිරම නොබලා ( අර දේශපාලුවගේ ගොට්ට මේ දේශපලුවගේ ගොට්ටා යන්න අදාලම නැත ) දඩුකදේ ගැසිය යුතුය......කෙසේ වෙතත් මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු..
මේ අපේ රටේ අනාගතේ. ඉස්තරම්ම දේ දෙන්න ඕනෑ මේ අහිංසකයින්ට. මේ දරුවන් ලෙඩ වුනොත් මුළු ජාතියේම අනාගතේ ලෙඩ වෙනවා. ළමයින්ගේ වටිනාකම් තේරෙන්නැති නරුම ජාතියේ අය කරන බලු වැඩ.. මේ දරුවන්ට ඉක්මන් සුවය පතනවා. දෙවි පිහිටයි.
නව ව්‍යාපෘතියක් වශයෙන් පාසල් සංවර්ධන සමිතිත් සමඟ සාකච්ඡා කළා... නරකද ඉඩකඩ තිබෙන පාසල්වලට කිරිහරක් දුන්නොත් දරුවන්ට පිරිසුදු කිරි වීදුරුවක් දෙන්න. ඉස්සර නම් කියන්නේ මහා විද්‍යාලයකට අක්කර 6ක ඉඩමක් තිබිය යුතුයි කියා... ඒවගේ ඉඩම් තිබෙන පාසල්වල මේ ව්‍යාපෘතිය අාරම්භ කරන්න පුළුවන්... දරුවන්ටත් සතුන් කෙරෙහි ඇල්මක් ඇතිවෙනවා. දේශීය කිරි නිෂ්පාදනයත් ඉහළ යනවා.
කිරි පෝෂණ ගුණයෙන් පිරි වුවත් කුඩා ළමුන් හැමෝටම ඔට්ටුවෙන්නේ නැහැ. මොකද කිරි, බිත්තර, චීස්, ඉස්සෝ, කකුළුවෝ කියන්නේ හරි ඉක්මණින් ඇලජික් වෙන ආහාරයි. මේ නිසා දරුවන්ට ඇලජික් වෙන මේ කිරිදෙන්න පෙර දරුවන්ට අසාත්මිකතාවන් ඇතිදැයි සොයාබැලීම රජයේ යුතුකමක්. ඒ ගැන දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කර මුලින්ම සොයා බැලිය යුතු වෙනවා. එහෙම නැතිව මෙවැනි ආහාර හිතු මතයට දෙන්න ගියොත් දරුවන්ගේ ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්. ඇලජික් හෙවත් අසාත්මිකතාවන් තිබෙන ආහාර දීමෙන් මරණය පවා සිදුවිය හැකියි. කරුණාකර පාලකයෝ මේ ගැන වගකීම් දැරිය යුතුයි. මම මේක දෙනවා කිව්ව ගමන් මේකවෙයි කියලා හිතුවා.
ළමුන්ට කිරි වේලක් දීම ඉතාම හොඳ කාරණයක්... කොම්පැනි කාරයින්ගේ පැකට් කළ ඒවා නැතුව නැවුම් එළකිරි ලබදීමට හැකිනම් අගනේය...
පාසල් දරුවන්ට ආසාත්මිකතාවයක් පැතිරිලා යනවා වගේ...
සුන්දර පැටව දුටුවිට මට මතක් වුනේ..// අපගේ කුඩාකල බව නම් නොරහසකි..// ලස්සන ළමාවිය දැන් නම් අවලස්සනයි..// පතනවා ඉක්මන්සුවය ඔක්කොම දරු පැටවුන්ට..//
ඡන්දෙ ලංවෙලා දෙන ලණුනේ මේවා.... දින පැනපුවා වෙන්න ඇති... අනේ අහිංසක දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් නොකර හිටියා නම් වැදගත්. බෝන කිරි එකක් ඔය 225 බිව්වා නම් කමක් නැහැ.
පුදන කොටම කාපි යකා !
දුෂ්කර පළාත් වල හරි හැටි වැසිකිලි නැති පොඩි දරුවෝ ඉන්න පාසල් වලට ඔය කිරි දෙන්න එපා. අකිල විරාජ් සහ සජිත් ප්‍රේමදාස, ආනමඩුවෙන් පුත්තලමෙන් එහා පොඩි ඉස්කෝල වලට පරිගණක, ටැබ් නෙමේ ඕනේ පිරිසිදු වතුර සහ වැසිකිලි. ළඟදීම ලංකාව කල්කාටාවක් වෙන්න ඉස්සරලා වැසිකිලි සැදීම පටන් ගත යුතුයි .
දිගුකලක් කිරිබොන්නේ නැතිව සිට නැවත කිරිබොන්න පටන්ගත් විට ඇතිවෙන දෙයක් තමා සිදුවී ඇත්තේ... මෙවැනි අජීර්ණයක් සිදුවෙන්නේ කිරිවල ඇති ලැක්ටොස් නමින් හදුන්වන ද්‍රව්‍ය නිසයි. කිරිසැපයුම් කරු අත්අඩංගුවට ගන්න කලින් දොස්තරලාට කතාකරන්න. ඉංග්‍රීසියෙන් මේ ආබාධයට කියන්නේ lactose intolerance කියල. වැඩිහිටි අයටත් මෙය සිදුවෙනවා. මෙයට පිළියම කිරිනොබී සිටීමයි.